කදිරගාමර් ඝාතනයට සම්බන්ධ LTTE සාමාජිකයෙකුට විදෙස් අධිකරණයකින් මාස 82ක සිර දඬුවමක්
Tuesday, 21 January 2020 - 8:01 | Views - 330
හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් 2005 වසරේදී ඝාතනය කිරීමට සම්බන්ධ වූ හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ සාමාජිකයෙකුට ජර්මානු අධිකරණයක් මගින් මාස 82ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ජර්මනියේ පුද්ගලිකත්ව රෙගුලාසිවලට අනුව නවනීදන් ජී. ලෙස පමණක් හඳුන්වා ඇති ඔහු කදිරගාමර් ඝාතනය සඳහා අවශ්‍ය වැදගත් තොරතුරු ලබාදුන් පුද්ගලයා බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව ස්ටුට්ගාට් ප්‍රාදේශීය අධිකරණය මගින් ඔහුට මෙලෙස වසර 6යි මාස 10ක සිර දඬුවමක් නියම කර ඇති බවයි ඇසෝසියේටඞ් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ.

මෙම හිටපු එල්.ටී.ටී.ඊ, බුද්ධි අංශ සාමාජිකයා 2012 වසරේදී ජර්මනියේ සරණාගතභාවය පතා සිටි අයෙකු බව ද එම ප්‍රවෘත්ති සේවා වැඩිදුරටත් අනාවරණ කළා.

එම සරණාගත පරීක්ෂණයේදී ඔහු පවසා ඇත්තේ තමා කදිරගාමර් ඝාතනයට අවශ්‍ය තොරතුරු සැපයූ බවයි.

එහෙත් පසුව ඔහු ප්‍රකාශ කළේ තමාගේ ප්‍රකාශය වැරදි ලෙසින් පරිවර්තනය කර ඇති බවයි.

කෙසේ නමුත්, ඔහුගේ ප්‍රකාශය පදනම් කරගෙන මෙලෙස කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් නියම කිරීමට ජර්මන් අධිකරණය කටයුතු කළා.

ඔහුට මෙම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවයි ජර්මානු ප්‍රවෘත්ති සේවා සදහන් කර ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top