නව තානාපතිවරුන් සිව් දෙනෙකු සහ මහකොමසාරිස්වරයෙකු ජනපතිට අක්තපත්‍ර පිරිනමයි
Monday, 20 January 2020 - 16:58 | Views - 451
නව තානාපතිවරුන් සිව් දෙනෙකු සහ මහකොමසාරිස්වරයෙකු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සිය අක්තපත්‍ර පිරිනමා තිබෙනවා.
කටාර් රාජ්‍යය, තුර්කිය, ලක්සම්බර්ග් රාජ්‍යය සහ ස්ලොවිනියාව සඳහා නව තානාපතිවරු අක්ත්‍රපත්‍ර මෙලෙස පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
මීට අමතරව නව පාකිස්තාන මහකොමසාරිස්වරයා ද ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දෙනු ලැබුවා.
ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර අධ්‍යාපන, සංවර්ධන, තාක්ෂණ සහ කෘෂිකාර්මික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත්කම මෙහිදී ජනාධිපතිවරයා නව රාජ්‍ය තාන්ත්‍රිකයින් හට පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
Share This Article