හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී රණවක ප්රකාශයක් ලබාදීමට කොළඹ අපරාධ කොට්ඨාශයට
Monday, 20 January 2020 - 16:28 | Views - 364
පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායකගේ දුරකථන හඬ පට සංවාද සම්බන්ධයෙන් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී රණවක ප්රකාශයක් ලබාදීම සඳහා මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක සමඟ මතභේදාත්මක දුරකථන සංවාදයක නිරතවීම සම්බන්ධයෙන් ඇය මෙලෙස ප්රකාශයක් ලබාදෙනු ඇති.
රන්ජන් රාමනායක සමඟ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදවල නිරත වූ විනිසුරුවන්ගෙන්, කල් නොයවා ප්රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාශය වෙත දැනුම්දීමක් කර තිබුණා.
Share This Article