අබුඩාබි අනතුරින් ලාංකික කතුන් දෙදෙනෙක් හා තවත් සිව්දෙනෙක් මරුට
Monday, 20 January 2020 - 16:28 | Views - 867
අබුඩාබිහිදී සිදු වූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි

එලෙස රිය අනතුරින් මිය ගොස් ඇත්තේ, අබුඩාබිහි ආයතනයක පිරිසිදු කිරීමේ රැකියාවක නියුතු ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකුයි .ඔවුන් සමග එම ආයතනයේ සේවය කළ තවත් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇතැයි එම තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

ලාංකික කතුන් දෙදෙනා ඇතුළු එම පිරිස රැගත් කුඩා බස් රථයක් අඩුබායි නගරයේ සිට අල් ෂහාමා ප්‍රදේශය පිහිටි ඔවුන් ගේ නවාතැන් පොළවල් වෙත ඇරලවීම සදහා ඉකුත් 16 වැනිදා රාත්‍රියේදී අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිටියදී එම මාර්ගයේ ගමන් කරමින් තිබූ කන්ටේනරයක පසුපස ගැටීමෙන් මෙම රිය අනතුර සිදුව ඇති බවයි සදහන් වන්නේ.
 
රිය අනතුරු සිදුවූ ස්ථානයේ දීම ලාංකික කතුන් දෙදෙනා ඇතුළු පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සදහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top