මස් වෙළඳාම ජයටම කරමින්, කාන්තාවන් රැසකගේ පහස සොයා ගිය පුද්ගලයාට අත් වූ ඉරණම
Monday, 20 January 2020 - 16:15 | Views - 354
දැහැමින් හරිහම්බ කරගෙන දිවිගෙවන්න එලොවත් මෙලොවත් ජයගනී. පස් පවේ ඇලී ගැලී වස්තුව රැස් කරන්නා ජීවත්වෙන්නේ සතුටකින් නම් නොවන බව සැබෑවකි.

ඉක්මනින් පොහොසතෙක් වීමට සතුන් මැරීම, හොරකම් කිරීම, කාම අපාරාධ, දූෂණ, භීෂණ, අල්ලස, පගාව, මත්ද්‍රව්‍ය ජවාරම් කරන උදවිය ජන සමාජයේ ඉහළින් සිටින බව පෙනේ.

සතුන් සිටිනුයේ මිනිසාගේ ආහාරය පිණිස යයිද දෙවියන් එම සතුන්ට ජීවය දී ඇත්තේ ඔවුන්ගේ මස් නරක් නොවීම සඳහා බවද සිතමින් බල්ලෝ මරා හෝ සල්ලි හොයා සතුටින් ජීවිතය ගෙවා දැමිය යුතු බව සිතූ සූටියා ඌරන් ඇතිකළේ මස් පිණිසය.

දිනපතා ඌරන් දෙතුන් දෙනෙක් මරා මස් කර නගරයේ ආපනශාලාවලට යැවීම මේ මස්වැද්දාගේ රැකියාව විය. මස් වෙළෙඳාම නිසා අත මිට මුදල් සරුසාර වුවත් ගමේ කිසිම කෙල්ලක් මේකා හා දීග කෑමට කැමැත්තක් නොදැක්වූ නිසා අපචාරයේ යෙදෙමින් වියපත් තම දෙගුරුන් සමග දිවි ගෙවන ලද්දේ මරණින් මතු නැවත ආත්මයක් ඇති බව සිතා නොවේ.

තම දෙගුරුන්ටද නොඅඩුව කෑම බීම ඇඳුම් පැලඳුම් ඇතුළු ලෙඩදුක්වලට විය පැහිදිම් කළත් අධික මුදලක් වැයකළේ පරඅඹුවන් සේවනය කිරීමටය. ගමේ සිටි සැමියා අකාලයේ මියගිය සෝමාද තම නොහොබිනාකම් නිසාම තම සැමියා අත්හැර දමා ගිය සුමනාද එකිනෙකාට හොර රහසේ තම පහස මේ මස් වැද්දාට දුන්නේ බොරු ආදරයක් පෙන්වමින් මොහුගේ මුදලට ආශාවෙනි.

ඌරුමස් විකුණා සරු ආදායමක් ලදත් මොහු ළඟ නිතරම අතේ සතේ නැතිවූයේ මෙම පරස්ත්‍රී සේවනය නිසාය. දිනක් වැසිබර අඳුරු රාත්‍රියක සෝමාගේ අැසුර පතා ගිය සූටියාට සිදුවූයේ මහත් ජංජාලයකි.

කෑලෑබද අඩිපාර ඔස්සේ ඔහු යනවිට මග අයිනේ ගොදුරක් ගිලිමින් සිටි නයෙක් පෑගුනි. ඌ බලවත් වේදනාවෙන් පෙණය පුප්පා දුන් එකම පහරින් සූටියා මරහඩ නගමින් බිම ඇද වැටුණි. ඔහුගේ කෑගැසීම ඇසී එහි පැමිණි අසල් වැසියන් වහාම රෝගියා රෝහල් ගත කළත් ඒ වෙන විටත් නයි විෂ ශරීරගත වීමෙන් ඔහු මිය ගොස් තිබුණි.

"ලංකාදීප"
පියසේන දොඩම්ගොඩ
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top