අතුරුදන් වන්නට යන දකුණු අප්‍රිකා සුන්දරිය
Monday, 20 January 2020 - 15:52 | Views - 754
දකුණු අප්‍රිකාවේ සැම්බසි ගඟ සැම්බියාව සහ සිම්බාබ්වේ දේශසීමා අතරින් මීටර් 108 පහළට ඇද වැටීමෙන් වික්ටෝරියා දිය ඇල්ල නිර්මාණය වනවා.

එහි පවතින සුන්දරත්වය නිසාම වික්ටෝරියා දිය ඇල්ල දකුණු අප්‍රිකාවේ වඩාත්ම සංචාරක ආකර්ෂණය දිනා ගත් ගමනාන්තයක් බවට පත් වී තිබෙනවා.

වසර ගණනාවක් තිස්සේ එම කලාපයට බලපෑ වියලි කාලගුණ තත්වය නිසා වික්ටෝරියා ඇල්ල සම්පූර්ණයෙන්ම  පාහේ සිඳී ගොස් තිබෙන බව වාර්තා වනවා. මේ වන විට ලෝකයටම බලපා ඇති දේශගුණික විපර්‍යාස නිසා  වික්ටෝරියා ඇල්ල සම්පූර්ණයෙන්ම සිඳී යනු ඇතැයි බොහෝ පිරිස් බිය පළ කරනවා.

දිය ඇල්ල ආශ්‍රිතව සංචාරක කර්මාන්තයේ නිරත වන පුද්ගලයන් පවසන ආකාරයට මේ තරම් දරුණු ලෙස දිය ඇල්ල සිඳී ගොස් තිබෙනු දැක නැති බවයි.

දිය ඇල්ල සිඳී යාමත් සමග රටවල් දෙකේම ඒ ආශ්‍රිත සංචාරකයන් පමිණීම ඉතාම අඩු වී තිබෙනවා.

සිම්බාබ්වේ සහ සැම්බියා රාජ්‍ය දෙකම තම විදුලි අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපුරා ගන්නේ වික්ටෝරියා දිය ඇල්ල ආශ්‍රිතවයි. දැනට පවතින තත්වය නිසා  විදුලි සැපයුම සීමා කරන්නටත් ඔවුන්ට සිදු වී තිබෙනවා.

සැම්බසි ගඟ සම්බන්ධ දත්ත වාර්තා වලට අනුව ජල මට්ටම මෙතරම් පහළ ගොස් ඇත්තේ 1995 වසරෙන් පසුවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top