ඇමති කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසමෙන් ගොනු කර තිබූ චෝදනාවලින් මුදා හැරේ
Monday, 20 January 2020 - 15:21 | Views - 357
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවෙන් ඔවුන් මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදියි. 2012 වසරේ මාර්තු මස 15 වන දා සිට එම වසරේ අප්‍රේල් මස 14 වන දා දක්වා කාලසීමාව තුළ එවකට ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙලිය රඹුක්වැල්ලට අයත් ජංගම දුරකථනයෙහි බිල වන රුපියල් දෙලක්ෂ 30,684 ක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව විසින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යන චෝදනාව මතයි අල්ලස් කොමිසම නඩු පවරා තිබුණේ.
කෙසේ වෙතත්, නඩු ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තුන් දෙනාගේ ලිඛිත අනුමැතිය නොමැති නොමැති හෙයින් එය විභාග කිරීමට නොහැකි බව විත්තියේ නීතිඥවරුන් මූලික විරෝධතාවක් ගොනු කර තිබුණා.
ඒ අනුව මෙම නඩුව ගොනු කර ඇති ආකාරය අල්ලස් පනතට පටහැනි බැවින් ඔවුන්ට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවලින් නිදහස් කර තිබෙනවා.
Share This Article