යාළු වෙන්න අකමැති කී සිසුවියට 14 හැවිරිදි සිසුවා පිහියෙන් අනී
Monday, 20 January 2020 - 15:01 | Views - 1,967
වයස අවුරුදු දාහතරක පාසල් සිසුවකු ගිරාඳුරුකෝට්ටේ, රත්කිඳ ධීවර ගම්මානයේ   පදිංචි ‍දොළොස් හැවිරිදි පාසල් සිසුවියකගේ සිරුරේ හය පොළකට පිහියකින් ඇනීම නිසා බරපතළ තුවාල ලැබූ දැරිය පෙරේදා (18) සවස මහියංගණය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පවසනවා.

එම ගම්මානයේම පදිංචි සැකකාර සිසුවා ඒ සඳහා යොදා ගත් පිහියද සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිය නිවෙසේ හුදකලාව සිටියදී පිහියක් රැගෙන පැමිණි මෙම සිසුවා ඇයගේ මුහුණ වසා පිහි පහර එල්ල කළ බවට දැරිය පවසා තිබෙනවා.

පිහි පහර කෑමට ලක්වූ දැරිය මෙන්ම පිහියෙන් අනින ලද දරුවාද එකම පවුලක  සාමාජිකයන් වන අතර පිහියෙන් ඇනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

එහෙත් කලකට පෙර මෙම පිරිමි දරුවා විසින් තුවාල ලැබූ දැරියගෙන් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යෑමට කැමැත්ත ඉල්ලා ඇතත් දැරිය එය ප්‍රතික්ෂේප කර ඇති බව දැරිය විසින් පොලිසියට ලබාදුන් කට උත්තරයේ සඳහන්ව තිබෙනවා.

සැකකාර දරුවා මහියංගණය මහෙස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසුව  බාලවයස්කාර දරුවකු බැවින් ඇප නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඔහු සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ලබා දෙන්නැයි පොලිසියට නියෝග කළා.
ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානච්චි මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top