නව චීන වෛසරය සීග්‍රයෙන් පැතිරෙන ලකුණු
Monday, 20 January 2020 - 14:04 | Views - 729
වූහාන් ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන පැතිරෙන සාර්ස් වෛරසයට සමාන නව කොරෝනා වෛරසය චීනයේ බීජිං අගනුවර ඇතුලු අනෙකුත් ප්‍රධාන නගර වෙතද ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තාවනවා.
පසුගිය දින දෙක තුළ මෙම නව වෛරස් ප්‍රභේදයේ නව ආසාදිතයන් 139 දෙනෙකු සොයාගෙන ඇති අතර, ඒ අනුව ආසාදිතයන්ගේ මුළු සංඛ්‍යාව 200 ඉක්මවන බව සඳහන්.
නියුමෝනියාවට හේතුවන මෙම වෛරස් රෝගයෙන් මරණ 3 ක්ද දැනට වාර්තාවී තිබෙනවා. මෙලෙස නව වෛරස් රෝගය සීග්‍රයෙන් පැතිර යාම ආරම්භ වී ඇත්තේ මිලියන සංඛ්‍යාත චීන ජාතිකයන් ලූනා නව වසරේ නිවාඩුව සඳහා ගම්බිම්බලා යාමට සැරසෙන විටයි.
එය ලොව විශාලතම මානව ගමනය ලෙසයි සැලකෙන්නේ. මේ අතර, තායිලන්තය සහ ජපානය හැරුණුකොට දකුණු කොරියාවෙන් ද අද නව චීන වෛරසයේ ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා.
Share This Article