අහෝසිවූ පාර්ලිමේන්තු කාරක සභා පිහිටුවීමට නියෝජිතයින් නම් කෙරේ
Monday, 20 January 2020 - 12:44 | Views - 427
කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඇතුලු අහෝසි වූ කාරක සභා සඳහා සාමාජිකයින් පත් කෙරෙන තේරීම් කාරක සභාවට සාමාජිකයින් නම් කර තිබෙනවා.

17 දෙනෙකුගෙන් සමන්විත එම කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අටදෙනෙකු ඇතුළත්.

ඒ අනුව චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, මහින්ද සමරසිංහ, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ඊට පත් කර තිබෙනවා.

තේරීම් කාරක සභාව සැඳුම් ලබන විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, විජිත හේරත්, රිෂාඞ් බදියුදින්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, නිරෝෂන් පෙරේරා, මාවෙයි සේනාධිරාජායි.

මෙම කමිටු සාමාජිකයින්ගේ නම් නිල වශයෙන් හෙට දිනයේ කථානායකවරයා පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් හෙට දිනයේදිම රැස්වී කෝප් ඇතුලු අනෙකුත් කාරක සභාවලට නාමයෝජනා කැඳවීමට නියමිත බවයි වාර්තාවන්නේ.

පසුගිය බ්‍රහස්පතින්දා පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී මෙම තේරීම් කාරක සභාවට සාමාජිකයින් පත් කිරීම සඳහා නාමයෝජනා කැඳවූ අතර, ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විසින් තම නියෝජිතයින්ගේ නම් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයට භාරදෙනු ලැබුවේ.

නව රජය පත්වීමෙන් පසු පසුගිය දෙසැම්බර් මස 2 වනදා වත්මන් පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අවසන් කළ අතර, නව සැසිවාරයක් ආරම්භයෙන් පසු ආංශික අධීක්ෂණ කාරක සභා ඇතුලු කාරක සභා කිහිපයක් හැර අනෙකුත් කාරක සභා සඳහා සාමාජිකයින් පත්කළ යුතු වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top