අප්‍රිකානු දඩයක්කරුවන් කොටු කිරීමට සුනඛ හමුදාව පෙරමුණට
Monday, 20 January 2020 - 12:19 | Views - 418
තම ගොදුර දඩයම් කිරීම සඳහා හමුදාමය ආකාරයේ ආයුධ සහ හෙලිකොප්ටර්වලින් සන්නද්ධව සිටින අප්‍රිකාවේ දඩයම්කරුවන්ට නව විරුද්ධවාදියෙකු හඳුන්වාදීමට බලධාරීන් කටයුතු කර තිබේ.

අප්‍රිකානු රටවල් හයක ප්‍රධාන ස්ථානවල ස්ථානගත කර ඇත්තේ සිය නාසයේ බලයෙන් අපරාධකරුවන් සොයා යන ස්නයිෆර් සුනඛයන් 50 දෙනෙකි.

ඇත්දළ, රයිනෝ අං සහ පැන්ගෝලින් කොරපොතු ආදී වශයෙන් සියගණනක් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට සහ ජාවාරම් මාර්ග කඩාකප්පල් කිරීමට මෙම සුනඛයන් දැනටමත් කටයුතු කර තිබේ.

අප්‍රිකානු වනජීවී පදනම විසින් අරමුදල් සපයන ලද මෙම වැඩසටහන 2011 දී ආරම්භ කළ දින සිට මේ දක්වා නීති විරෝධී වනජීවී නිෂ්පාදන 400ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

කැනේන්ස් ෆෝ කන්සර්වේෂන් හි අධ්‍යක්ෂ විල් පවෙල් පවසන්නේ එය ඔවුන්ගේ වනජීවී සංවිධාන සමඟ සුනඛ ඒකක සංවර්ධනය කිරීමට උපකාරී වූ රජය සමඟ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් මත මෙය ක්‍රියාත්මක කරන බව පවසා තිබේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top