සුඛෝපබෝගී බස් රථයක් රුහුණු කුමාරිගේ ගැටෙයි
Monday, 20 January 2020 - 11:50 | Views - 1,517
මාතර සිට කොළඹ බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ බස් රථයක් ගැටීමෙන් අනතුරක් අද (20) උදෑසන සිදුව තිබෙනවා.
අම්බලන්ගොඩ, මාදම්පේ, වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී සුඛෝපබෝගී බස් රථයක් මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරෙන් එම බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර බස් රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරු සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.
Share This Article