අඩු ආදායම්ලාභී පවුල්වල අවම අධ්‍යාපන සුදුසුකමක් සහිත සාමාජිකයින් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.
මේ සඳහා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකා දෙපාර්තමේන්තුව යනුවෙන් ආයතනයක් පිහිටුවා ඇති අතර, මීට අදාළ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙහිදී හඳුනා ගන්නා රැකියාලාභීන්ට මාස 06 ක වෘත්තීය පුහුණුවක් ලබා දෙන අතර, එම කාල සීමාවේ රුපියල් 22,500 ක දීමනාවක් ද ගෙවනු ලබනවා.
අනතුරුව, පදිංචි ප්‍රදේශයේ පී.එල්. - 01 කාණ්ඩයේ වැටුප් සහ දීමනා හිමි රජයේ ස්ථිර තනතුරකට පත් කෙරෙන අතර, මීට අදාළ තොරතුරු බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අද දිනයේ ජාතික පුවත්පත්වල පළ කර තිබෙනවා.