හිමි නමට වෙඩි වැදීමේ සිද්ධියේ දී සැකකරු පොලිස් ගිනි අවිය ක්‍රියාත්මක කළේදැයි සැක
Monday, 20 January 2020 - 8:19 | Views - 267

හුංගම - හාතාගල - දෙනිය පාර ප්‍රදේශයේදී පොර බැදීමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වී වෑන් රථයක සිටි 21 හැවිරිදි හිමිනමක් අපවත්වීමේ සිද්ධියේදී අණ නොතකා ධාවනය කළ යතුරුපැදිකරු විසින් හිතාමතා ගිනි අවිය ක්‍රියාත්මක කළේද යන්න පිළිබඳ සැක මතුව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. එමෙන්ම සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ ඔවුන් සිය රාජකාරී පැහැර හැරීමක් හෝ සිද්ධිය වූ අවස්ථාවේ ක්‍රියා කළ ආකාරයෙහි දෝෂසහගත තත්ත්වයක් නොමැති බවටයි.
කෙසේ වෙතත්, තංගල්ල සහකාර පොලිස් අධිකාරී දෙක යටතේ තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
යතුරුපැදි සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සැක කටයුතු යතුරුපැදියක් නැවැත්වීම සඳහා සංඥා කළ ද එම අණ නොතකා පළා යමින් සිටි යතුරුපැදිකරුවෙකු ලුහුබැද අත්අඩංගුවට ගැනීමට යාමේදී පොර බැදීමක් සිදුව තිබුණේ ඊයේ දිනයේදියි.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී මාර්ගය අසළින් ගමන් ගත් වෑන් රථයක සිටි හිමිනමට වෙඩි වැදී තිබුණා. සිද්ධියෙන් අපවත් වූයේ හාතාගල පුරාණ රජමහා විහාරයේ වැඩ විසූ පූජ්‍ය බුත්තල - උනාවටුවේ සීලරතන හිමිනමයි.
උන්වහන්සේ ඇතුළු තවත් ස්වාමීන් වහන්සේලා 6 නමක් හුංගම ප්‍රදේශයේ දානමය පිංකමක් සඳහා වැඩම කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබුණා.
Share This Article