විනිසුරු ගිහාන් පිලපිටියගෙන් CCDයට පැය 05ක ප්‍රකාශයක්
Monday, 20 January 2020 - 8:16 | Views - 352
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ අධිකරණ කටයුතු පිළිබඳ සංවාදයේ නියැලුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වත්මන් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පැය 05ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ (19) පස්වරුවේ විනිසුරුවරයාගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

නීතිපතිවරයා නිකුත් කළ නියෝගයකට අනුව විනිසුරු ගිහාන් පිලපිටියගෙන් මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මාධ්‍යවල පළවන රන්ජන් රාමනායකගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාදවල ගිහාන් පිලපිටිය විනිසුරුවරයාගේ සංවාදයක්ද ඇතුළත්ව තිබුණා.

එසේම කොළඹ මහාධිකරණ විනිසුරුවරියක ලෙස කටයුතු කරමින් සිට විශ්‍රාම යනු ලැබූ පද්මිණී එන් රණවක සහ බද්දේගම මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ දැනට, වැඩ තහනමට ලක්වූ ධම්මික හේමපාල, රන්ජන් රාමනායක සමඟ යෙදුණු රහස්‍ය දුරකථන සංවාද මාධ්‍ය හරහා පසුගියදා හෙළිදරව් වුණා.

රන්ජන් රාමනායක විසින් අධිකරණයට බලපෑම් කිරීමේ චෝදනාවට අදාළව සිදු කෙරෙන විමර්ශනය සම්බන්ධයෙන් මෙම විනිසුරුවරුන් තුන්දෙනාගෙන් කඩිනමින් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට ඉකුත් 16 වනදා නියෝගයක්ද නිකුත් කර තිබුණා.

ඒ අනුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී එන් රණවක සහ වැඩ තහනමට ලක්ව සිටින ධම්මික හේමපාල යන විනිසුරුවරයාගෙන්ද ඉදිරියේදී ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top