කුඩා දැරියක් ඇතුළු හතරකට දිවි අහිමි කළ හුංගම - බටඅත අනතුර සිදුවූ ආකාරය පොලිසිය පහදයි
Monday, 20 January 2020 - 8:12 | Views - 771
හුංගම - රන්න මාර්ගයේ බටඅත ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් ඊයේ (19)  රාත්‍රි 8.50 ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා තංගල්ල මූලික ඇතුළත් කෙරුණා.

රන්න දෙසට ධාවනය වූ ටිපර් රථය, එම දිශාවටම ඉදිරියෙන් ගමන් කළ ත්‍රිරෝදයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පෞද්ගලික බස් රථයේ ගැටී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

අනතුරෙන් බස් රථයේ රියදුරු, එහි ගමන් ගත් තවත් පුද්ගලයෙකු, කාන්තාවක් සහ වයස අවුරුදු 03ක කුඩා දැරියක මියගොස් තිබෙනවා.

ටිපර් රථයේ රියදුරු, බස් රථයේ ගමන් කළ පුද්ගලයන් හත්දෙනෙකු, කාන්තාවන් හත්දෙනෙකු සහ ළමයින් පස්දෙනෙකු තුවාලකරුවන් අතර වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

මෙම බස් රථය කතරගම වන්දනාවේ ගොස් පැමිණෙමින් තිබූ අතර, මියගිය සහ තුවාල ලැබූවන් නෝනාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තාවන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top