හුංගම දී වෙඩි වැදී අපවත් වූ හිමිනමගේ සිද්ධිය ගැන පරීක්ෂණ ඇරඹෙයි
Sunday, 19 January 2020 - 17:05 | Views - 548
update: හුංගම - හාතගල - දෙනිය පාර ප්‍රදේශයේදී පොර බැදීමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වී වෑන් රථයක සිටි 21 හැවිරිදි හිමිනමක් අපවත්වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
 
තංගල්ල සහකාර පොලිස් අධිකාරී දෙක යටතේ මෙම විශේෂ විමර්ශනය ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
 
යතුරුපැදි සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සැක කටයුතු යතුරුපැදියක් නැවැත්වීම සඳහා සංඥා කළ ද එම අණ නොතකා පළා යමින් සිටි යතුරුපැදිකරුවෙකු ලුහුබැද අත්අඩංගුවට ගැනීමට යාමේදී පොර බැදීමක් සිදුව තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී මාර්ගය අසළින් ගමන් ගත් වෑන් රථයක සිටි මෙම හිමිනමට වෙඩි වැදී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
 
පසුව වෙඩි වැදුණු හිමි නම අගුණුකොළපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේ.
 
මෙලෙස අපවත් වී ඇත්තේ හාතාගල පුරාණ රජමහා විහාරයේ වැඩ විසූ පූජ්‍ය බුත්තල - උනාවටුවේ සීලරතන හිමිනමයි.
 
උන්වහන්සේ ඇතුළු තවත් ස්වාමීන් වහන්සේලා 06 නමක් හුංගම  ප්‍රදේශයේ දානමය පිංකමක් සඳහා වැඩම කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
 
කෙසේ වෙතත් වෙඩි තැබීම සම්බන්ධයෙන් හුංගම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ එම නිලධාරීන් දෙදෙනාගෙන් ද කට උත්තර ලබා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
-------------------------------------------------
හුංගම ප්‍රදේශයේ ඇතිවූ පොර බැදීමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබූ හිමිනමක් අපවත්වී තිබෙනවා.

මුර සංචාරයක නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට එය නතර කරන ලෙස සංඥා කළද ඔහු එය නොනවත්වා ධාවනය කර ඇති අතර තිබෙනවා.

පසුව පොලිස් නිලධාරීන් ඔහු පසුපස ලුහුබැඳ නතර කළද, එහිදී පොලිස් නිලධාරීන් සහ අදාළ පුද්ගලයා අතර පොරබැදීමක් සිදුව ඇති බව සඳහන්.

එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ඒ අසළින් ගමන් කරමින් තිබූ වෑන් රථයක සිටි අපවත්වූ හිමිනමට වෙඩි වැදී තිබෙනවා.

එහිදී තුවාල ලැබූ 21 හැවිරිදි හිමිනම රෝහල් ගතකරන විටත් අපවත්වී සිටි බවයි අගුණකොලපැලැස්ස රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top