රැකියා අපේක්ෂිත සියලුම උපාධිධාරීන් කඩිනමින් රජයේ රැකියා සඳහා පත් කරන බව ජනපති කියයි
Sunday, 19 January 2020 - 16:48 | Views - 481
රැකියා අපේක්ෂිත සියලුම උපාධිධාරීන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගත හැකි පරිදි කඩිනමින් රජයේ රැකියා සඳහා පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
දිවයින පුරා සිටින රැකියා අපේක්ෂිත උපාධිධාරින් නියෝජනය කරමින් පැමිණි පිරිසක් සමඟ අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.
රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු පිළිබඳ තොරතුරු රැස්කර ඇති බවත්, පුරප්පාඩු සඳහා උපාධිධාරින් බඳවා ගැනීම කඩිනමින් සිදුකර ඔවුන්ට නායකත්වය හා රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් පුහුණුවක් සහ අවබෝධයක් ලබාදී ජනතාවට වගකියන රාජ්‍ය සේවයක් සහ රාජ්‍ය සේවකයෙක් බිහි කිරීම තම අරමුණ බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.
Share This Article