දරු ඵල පෙන්වා කාන්තාවන් අපහරණ කළ පුද්ගලයෙකු මාට්ටු
Sunday, 19 January 2020 - 7:11 | Views - 1,527

දරු ඵල අහිමි කාන්තාවන්ට දරුවන් ලබාදෙන බව පවසමින් මුදල් වංචා කරමින් කාන්තාවන් අපහරණය ලක්කළ පුද්ගලයෙකු හිරු සී.අයි.ඒ. මැදිහත්වීම මත නීතිය හමුවට පමුණුවනු ලැබුවා.
ඒ, හලාවත - මුන්දලම ප්‍රදේශයේදියි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් මෙම පුද්ගලයා දරු ඵල අහිමි කාන්තාවන්ට දරුවන් ලබාදීම ඇතුළු කාන්තා රෝගවලට ප්‍රතිකාර කරන බව පවසමින් කාන්තාවන් අපහරණය කරන බවට හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු ලැබුණා.
පාරම්පරික වෛද්‍යවරයෙකු බවට අඟවමින් මොහු විවිධ ඖෂධ වර්ග ද කාන්තාවන්ට පානය කිරීමට ලබා දී තිබෙනවා.
හිරු සී.අයි.ඒ. කණ්ඩායම මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු ගවේෂණය සඳහා දරුවන් නොමැති යුවළක් යොදා ගනිමින් ප්‍රතිකාර ලබා ගන්නා මුවාවෙන් තොරතුරු විමසා සිටියා.
ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටින මොහු පවසන්නේ තමන් විශාල පිරිසකට ප්‍රතිකාර කොට දරු ඵල ලබා දී ඇති බවයි.
ප්‍රතිකාර කිරීමේදී මොහු කාන්තාවන් නිවසේ කාමරයකට තනිව කැඳවා ගන්නවා.
පසුව කාන්තාවන්ට දරුඵල ලබාදෙන බව පවසා මොහු සිදු කරන්නේ කාන්තාවන්ගේ රහස් ප්‍රදේශ ස්පර්ශ කිරීමයි.
මොහු සිදුකරන කාන්තා අපයෝජන හිරු සී.අයි.ඒ කණ්ඩායම රහසිගතව රූගත කළා.
මෙලෙස කාන්තාවන් අපයෝජනය කරන අතරතුර අප මේ පිළිබඳ මුන්දලම පොලීසිය දැනුවත් කර නිලධාරීන් පිරිසක් අදාළ නිවසට කැඳවා ගත්තා.
එහිදී හෙළිවූයේ මොහු පෙනී සිටින්නේ ද ව්‍යාජ නමකින් බවයි.
ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි මොහුගෙන් කාන්තාවන්ට ලබාදුන් ඖෂධ පිළිබඳව ද පොලීසිය ප්‍රශ්න කර සිටියා.
ව්‍යාජ නමකින් ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවන් අපහරණය කළ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
එහිදී නියෝග කෙරුණේ ලබන 22 වැනිදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
Share This Article