ඉදිරි දිනවලදී වැසි තත්ත්වයේ වැඩිවීමක්
Saturday, 18 January 2020 - 18:11 | Views - 1,008
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ සහ නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට අද රාත්‍රියේ සහ හෙට වැසි බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනය කළේ.
එමෙන්ම, සබරගමුව, බස්නාහිර පළාත්වලට මෙන්ම, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ද වැසි අපේක්ෂා කෙරෙනවා.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
සබරගමුව පළාතේත් කලුතර සහ ගාල්ල දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
Share This Article