අඹු - සැමි යුවලක් සහ තවත් පුද්ගලයෙකු කැකිරාවේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට
Saturday, 18 January 2020 - 13:38 | Views - 727
කැකිරාව - ශාස්ත්රාවේලිය ප්රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි අඹු - සැමි යුවළක් සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.එහිදී ඔවුන් ළඟ තිබී හා නිවසේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී හෙරොයින් ග්රෑම් 15කට ආසන්න ප්රමාණයක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 සහ 23 වයස්වල පසුවන්නන් වන අතර සැකකාරියගේ වයස අවුරුදු 19ක්.මොවුන් කලක් තිස්සේ ඊසි - කෑෂ් ක්රමයට හෙරොයින් ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවටයි පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ.
Share This Article