අනවසර ගොඩකිරීම් වාර්තා කිරීමට ගිය, මාධ්‍යවේදියෙකු මැර ප්‍රහාරයකින් රෝහලේ
Saturday, 18 January 2020 - 13:27 | Views - 649
වෙන්නප්පුව ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල්ට කිසියම් පිරිසක් විසින් පහර දී තිබෙනවා.

වෙන්නප්පුව ප්‍රදේශයේ නීතිවිරෝධී ගොඩ කිරීමක් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදී ඊයේ මෙම පහරදීම සිදුවූ බවයි ඔහු සඳහන් කළේ.

තමන් රෝහල්ගතව සිටින බවත්, පහර දුන් පුද්ගලයින්ගෙන් තවදුරටත් තර්ජන එල්ල වන බවත් ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙන්නප්පුව පොලීසියෙන් විමසීමක් කළ අතර එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන බවයි.

මේ වන විටත් පහර දුන් පුද්ගලයින් සැඟවී සිටින බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය මාධ්‍යවේදියාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.

මීට පෙර ද පසුගිය මස 20 වන දා මුන්දලම පොලිස් වසමේ කන්දතොටුවාව ප්‍රදේශයේදී වැලි කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් ප්‍රහාරයකට ලක්වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top