රිය අනතුරකින්, මවක සහ දියණියක මිය යයි
Saturday, 18 January 2020 - 12:38 | Views - 954
නාරම්මල - කුලියාපිටිය මාර්ගයේ දංගොල්ල ප්රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් අවුරුදු 8ක දියණියක සහ ඇගේ මව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ත්රිරෝද රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටී ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරෙන් මිය ගොස් ඇත්තේ ත්රිරෝද රථයේ ගමන් කළ මව සහ දියණියයි.
තුවාල ලැබූ ත්රිරෝද රථයේ රියදුරු ද නාරම්මල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිය ගිය මව සහ දියණිය හොරොම්බාව - ගොරොක්ගලවත්ත ප්රදේශයේ පදිංචිකාරිනියන්.
Share This Article