පාසල අහිමි දරුවන්ගේ විරෝධය
Saturday, 18 January 2020 - 12:11 | Views - 526

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇළහැර බකමූණ මහසෙන් කනිෂ්ඨ විද්‍යාලයේ පළමු වසරට දරුවන් පස් දෙනකු ඇතුළත් කර නොගත් තැයි චෝදනා කරමින් දෙමව්පියන් සහ කුඩා දරුවන් පිරිසක් 16 දින විද්‍යාලයේ ඉදිරිපිට විරෝධතාවයක නිරතව තිබෙනවා.මෙහිදී දරුවන්ගේ පියවරුන් දෙදෙනෙකු ගසක් මත නැගී විරෝධතාවයේ නිරතව සිටි අතර තවත් පියෙකු පාසලේ ගේට්ටුවෙ කණුවක් මත නැගී විරෝධතාවයේ නියැලුණු අතර දරුවන් පස්දෙනා සහ ඔවුන්ගේ අනෙක් දෙමව්පියන් පාසල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා.ඇළහැර බකමූණ මහසෙන් කනිෂ්ඨ විද්‍යාලයේ පළමු වසර සඳහා අනෙකුත් සිසුන් ද මෙදින ඇතුළත් කර ගැනීමේ උත්සවය පැවති බව විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබෙනවා.විශේෂයෙන්ම මෙහිදී කුඩා දරුවන් පස්දෙනෙකු ද විරෝධතාවයට යොදාගෙන තිබුන අතර කුඩා දරුවෙකුගේ කර මත විරෝධතා පුවරු එල්ලා තිබීම ද එහි අප වාර්තාකරුවන්ට දැකගැනීමට හැකිව තිබෙනවා.පසුව බකමූණ පොලිසියේ නිලධාරීන් මැදිහත් වී මෙම දරුවන් පස් දෙනාට සහ දෙමව්පියන් පස්දෙනාට විදුහල්පතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාවක් ලබාදුන් අතර එහි මුරකරු හරහා විදුහල්පතිවරයා දැනුම් දී සිටියේ එම සාකච්ඡාවලට මාධ්‍යවේදීන්ට ඇතුලත් වීමට ඉඩ නොදෙන බවයි.කෙසේ වෙතත් මෙම සාකච්ඡා ද අසාර්ථක වූ බව සාකච්ඡාවකට සහභාගි වූ දෙමව්පියන් ප්‍රකාශ කර තිබෙනවා.එම නිසා තම දරුවන් පාසැලට ඇතුලත් කරගන්නා තුරු මෙම විරෝධතාවය පාසල ඉදිරිපිට පවත්වාගෙන යන බව එහි සිටි දෙමව්පියන් ප්‍රකාශ කළා.
Share This Article