යුද්ධ හමුදා විශේෂ බලකායේ 23 වන සංවත්සර යුද හමුදාපති ප්‍රධානත්වයෙන්
Saturday, 18 January 2020 - 11:11 | Views - 608
ජනාධිපති ‘රණ පරශුව’ සහ රෙජිමේන්තු ‘රණ පරශුව’ යන සම්මානයන්හී ගෞරවයට පාත්‍ර වූ රෙජිමේන්තුවක් වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ 23 වන සංවත්සර දිනය යෙදී තිබු (17) දින උදෑසන ,සංවත්සර දින සැමරුම නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී වර්ණවත් වැඩසටහන් මාලාවක් සමඟින් පවත් වුණා.

විශේෂ බලකා රෙජිමේන්තු අධිපති මෙන්ම වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම පැවැත් වුණා.

23 වන සංවත්සර සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය සමඟ සහභාගී වූ අතර විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ප්‍රධාන දොරටුව අභියසදී විශේෂ බලකා මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබුවා.

ඉන් අනතුරුව 222 දෙනෙකුගෙන් සමන්විත භටපිරිසක් විසින් ජනාධිපති ‘රණ පරශුව’ සහ රෙජිමේන්තු ‘රණ පරශුව’ පෙරටු කරගත් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියකින් විශේෂ බලකා රෙජිමේන්තු අධිපතිතුමන් වෙත ඔවුන්ගේ ගෞරවාචාරය පුද කළා.

එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් අමතමින් ‘අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා’ යන වි‍ශේෂ බලකා තේමාවට අනුව අවුරුදු 23 ක් පුරා දිවෙන සාඩම්බර ඉතිහාසය පිළිබඳ සිය උණුසුම් සුබ පැතුම් එක් කළා.

මේ වන විට විශේෂ බලකා රෙජිමේන්තුව සතුව බලඇණි 4 ක්, පුහුණු පාසල් දෙකක්, විශේෂ බලකා බලසේනාවකින් සහ මූලස්ථාන බලඇණියකින් සමන්විත අතර භටපිරිස් හාරදාහසකට අධික පිරිසක් එහි සේවයේ නියැලි සිටිනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top