ලක්ෂ 38ක දුම්වැටි සමඟ දෙදෙනෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට
Saturday, 18 January 2020 - 8:57 | Views - 502
රුපියල් 38 ලක්ෂ 76,000ක් වටිනා දුම්වැටි තොගයක් සමඟ ශ්රී ලාංකිකයන් දෙදෙනෙකු ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් පැමිණි ඔවුන් මෙලෙස දුම් වැටි කාර්ටූන් 323ක් සිය ගමන් මළුවල සඟවා රැගෙන ආ බවයි ශ්රී ලංකා රේගුව සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් 42 සහ 67 වන වියේ පසුවන මෙම කාන්තාව සහ පිරිමි පුද්ගලයා මහනුවර සහ මීගමුව ප්රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා.
Share This Article