අබුඩාබි අනතුරෙන් මිය ගිය කාන්තාවන් දෙදෙනාගේ දේහයන් කඩිනමින් දිවයිනට
Saturday, 18 January 2020 - 7:33 | Views - 1,335
අබුඩාබි රාජ්‍යයේ අල් රහා වෙරළ මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනාගේ දේහ කඩිනමින් දිවයිනට ගෙන්වා ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එහි ප්‍රකාශිකාවක සදහන් කළේ අබුඩාබි තානාපති කාර්යාලය සමග ඊට අදාළ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින බවයි.
බස් රථයක්, ලොරි රථයක ගැටී පෙරේදා සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අනතුරෙන් පාකිස්තාන ජාතික බස් රථයේ රියදුරා ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ජීවිතක්ෂයට පත්වූ අනෙක් පිරිස කාන්තාවන්.
මෙහිදී බස් රථයේ ගමන් ගත් තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් නේපාල ජාතිකයින් වනවා.
තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයින් සහ උගන්ඩා ජාතිකයින් කිහිප දෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ. බස් රථ රියදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී තිබෙනවා.
Share This Article