කොළඹ ප්රදේශ රැසකට අද ජලය කැපේ
Saturday, 18 January 2020 - 7:31 | Views - 870
අඹතලේ ජල පවිත්රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 9 සිට හෙට පෙරවරු 7 දක්වා පැය 22 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්රදේශ වල ජල සැපයුම අත්හිටුවනු ඇති.
එමෙන්ම, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්රදේශවලට මෙන්ම, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්රාදේශීය සභා බලප්රදේශ හා සොයිසාපුර මහල් නිවාස වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේ.
Share This Article