ඔබ උපන් නැකතින් හෙළිවන ඔබේ ගතිගුණ - බලන්න ඔබත් මෙහෙම කෙනෙක්ද කියලා
Friday, 08 December 2017 - 16:02 | Views - 82,862
යම් අයෙක්‌ මෙලොව උපත ලැබූ මොහොතේ ක්‍ෂතිජයේ පිහිටා තිබෙන ග‍්‍රහ තාරකාවන්ට අනුව ඔහුගේ හෝ ඇයගේ ජන්ම පත‍්‍රය සැකසේ. ඒ අනුව එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ උපන් වෙලාවට අනුව නැකතක්‌ හිමිවේ. එම නැකැත් ඒ ඒ අයගේ ජීවිතයට විවිධාකාර ලෙස බලපාන බැව් ජ්‍යෝතිෂයේ සඳහන් වෙයි.

අස්‌විද නැකත
මෙම නැකතින් උපත ලැබූ අයට ධන සම්පත් ලැබීමේ වාසනා ගුණය ඇත. දුටුවන් පිනවන රූප ශෝභාවක්‌ හිමිය. යහපත් කතා විලාශයක්‌ ඇත. දේවභක්‌තියෙන් ජීවත් වන මොවුන් කිසිවෙකුගේ සිත් නොරිදවයි. වැඩිහිටියන්ට සලකන උසස්‌ ගුණයෙන් යුතු ඉවසන සුළු ගති පැවතුම් ඇත.

බෙරණ නැකත
මෙම නැකතින් උපන් අය සැපවත් සුන්දර හා නිරෝගී සැහැල්ලූ‍ ආහාර පාන අනුභව කරයි. කාමුක හැඟධිම් වැඩි වශයෙන් බලපාන අයයි. බොහෝ විට මෝඩයන් සේ ක‍්‍රියා කරයි. මෙම නැකතින් උපන් කාන්තාව දුෂ්ටය. චරිතය අපිරිසිදුය. නිතරම අන් අය සමග උරණවන නපුරු ගති පැවතුම් ඇත.

කැති නැකත
කැති නැකතින් උපන් අය අධික මානයෙන් යුතු නොඉවසන සුළු අයයි. බුද්ධිමත් කමින් උසස්‌ සමාජයේ ඉහළ තනතුරු හා ගරු නම්බුනාම ලැබීමට වාසනාව ඇත. ත්‍යාගශීලිය. මෙම නැකතින් උපත ලබන කාන්තාවට දුර්වල ශරීරයක්‌ හිමිය. මෙවන් කාන්තාවන්ට සමාජය හිතකර නොවේ. සැපින්නක්‌ සේ නිතර කිපෙන සුළුය.

රෙහෙන නැකත
රෙහෙන නැකතින් උපත ලද අය නිර්මල හදවතකින් යුතු ක‍්‍රියාශීලී අයයි. පියකරු පෙනීමකින් යුතු කාගේත් ගෞරවය දිනාගත්තෝ වෙති. මෙවන් අය දෙමාපියන්ට වඩාත්ම ආදරය කරති. කාන්තාවන් තම ස්‌වාමිපුරුෂයාට ඉතා ආදරයෙන් හා පතිභක්‌තියෙන් යුක්‌තව සලකන්නීය. පින්දහම් කිරීමට වඩා ප‍්‍රිය කරති.

මුව සිරස නැකත
මෙම නැකතින් උපන් අය චපල ගති ඇති, ධනවත්, උත්සාහවන්ත, බුද්ධිමත් සාමකාමී අයයි. ජ්‍යෝතිෂයට ඇළුම් කරයි. මෙම නැකතින් උපන් කාන්තාවගේ කතා විලාශය කාගේත් දෙසවන් පිනවන සුළුය. ආත්ම ගෞරවය සිය ප‍්‍රාණය මෙන් ආරක්‍ෂා කරයි. අවංක බව අගය කරයි. ස්‌වාමි පුරුෂයාට ඉමහත් භක්‌තියක්‌ ඇත.

අද නැකත
අද නැකතින් උපන් අය තුළ කිපෙන සුළු ගතිය නිතර දක්‌නට ඇත. අති පණ්‌ඩිතයෙකු මෙන් කතා කිරීමට දක්‍ෂය. දේව භක්‌තියෙන් යුත් මොවුන් අධික ලෙස වියදම් කිරීමට මැලි නොවේ. සෙම් පිත් වැනි රෝග පීඩාවන්ගෙන් පෙළීමට සිදුවේ. වැරදි ක‍්‍රියාවන් අවබෝධ කරගෙන නිසි පරිදි කටයුතු කිරීමට මොවුන් දක්‍ෂය.

පුනාවස නැකත
උගතුන් බුද්ධිමතුන්, නැණවත් හා සමාජයේ ගරු නම්බුනාම ලබන අය මෙම නැකතින් උපත ලබති. ඔවුන් තමන්ගේ ආත්ම ගෞරවය කෙරෙහි විශේෂ සැලකිල්ලක්‌ දක්‌වන නිසා හොර, බොරු වංචා ආදිය පිළිකුල් කරති. ඒවා දැඩි ලෙස හෙළා දකිති. ආගමික සමාජ සේවා වැනි කටයුතුවලට ලැදිය.

පුෂ නැකත
මෙම නැකතින් උපන් අය මිහිරි වචන කතා කරයි. දීඝායු විඳීමේ වාසනාව ඇත. අන්‍යයනට සංග‍්‍රහ කිරීමය දක්‍ෂය. පියකරු රූ සපුවක්‌ හිමිය. ජ්‍යෝතිෂ ශාස්‌ත‍්‍රයට ලැදිකමක්‌ දක්‌වයි. උපන් වර්ෂ 13, 16, 19, 27, 64 යන වර්ෂවල නම් තද බල අපල පෙන්වයි.

අස්‌ලිස නැකත
අස්‌ලිස නැකතින් උපත ලද අය පාප ක‍්‍රියාවන්ට ලැදිය. අහංකාරකම හා කුහකකම හිතේ දරා සිටියි. මෙම නැකතින් උපන් කාන්තාව කාන්තිමත් නෙත් ඇත්තියකි. යහපත් ගුණ ධර්මවලින් පිරි ඇය අහිංසකය. වස්‌තු සම්භාරයකට හිමිකම් කියන්නීය.

මා නැකත
මෙම නැකතින් උපන් අයට බොහෝ වස්‌තු සම්පත් ලැබීමේ වාසනාව ඇත. හැම විටම ආත්ම ගෞරවය ආරක්‍ෂාවන අයුරින් ක‍්‍රියා කරයි. එකමුතුකම අගය කරයි. තමාට හතුරුකම් කළ අය සමගද සහයෝගයෙන් කටයුතු කරයි. සැප විඳීමට වාසනාව ඇත. උපන් වර්ෂ 5, 7, 10, 13 වර්ෂවල නම් රෝග බාධාවලට හේතු වේ.

පුවපල් නැකත
සෞභාග්‍යමත් ජීවිතයක්‌ ගත කිරීමට පුවපල් නැකතින් ඉපදුන අයට වාසනාව ඇත. ඉගෙනීමට දක්‍ෂතාවය දක්‌වති. මෙම නැකතින් උපන් කාන්තාව යහපත් දරුවන් ලැබ විවාහ දිවිය සතුටින් ගත කරන්නීය. වාසනාවන්ත කළගුණ දන්නා අයවෙති.

උත‍්‍රපල් නැකත
ප‍්‍රතිපත්ති රකින අයවෙති. ධන ධාන්‍යවලින් පිරුණ අයවෙති. කාර්යශූර ගතියක්‌ පෙන්නුම් කරයි. මෙම නැකතින් උපත ලද කාන්තාව සියලූ‍ සැප සම්පත් ළඟාකර ගන්නීය. තම ගෘහ ජීවිතය මනාසේ ආලෝකවත් කරගනී. නිරෝගීමත් ශරීරයකින් හෙබි මැය ඥාතීන්ගේද සැලකිලි ලබන්නීය.

හත නැකත
මෙම නැකතින් උපන් අයට මහාඥාන ශක්‌තියක්‌ ඇත. සුව පහසු දිවියක්‌ ගත කිරීමේ වාසනාව ඇත. විද්‍යා ශාස්‌ත‍්‍රයන්හි මනා දැනුමක්‌ ඇත. කාන්තාවන්ගේ නම් අත් පා අවයවවල අමුතු කෝමල ගතියක්‌ ඇත. ධාර්මික ජීවිතයක්‌ ගත කරන්නීය. නෙත්වල දීප්තිමත් ගතියක්‌ දිස්‌වේ.

සිත නැකත
දුටුවන් ප‍්‍රිය කරන රූප සම්පත්තියක්‌ ඇත. හැමවිටම සාධාරණත්වය අගය කරයි. ආත්මාර්ථයට වඩා පරාර්ථය අගය කරයි. මෙම නැකතින් උපන් කාන්තාව වටිනා කන කර ආභරණ පළඳින්නියකි. චරිතය එතරම් ශුභදායක නොවේ. පුරපස හා අවපස කුදුස්‌වක දිනවල උපත ලද නම් ශුභයි.

සා නැකත
සත්‍ය කතා කරන සතුරන්ගෙන් ජයගන්නා අයෙක්‌වේ. බොහෝ අය ඇසුරු කරන නිසා කා අතරත් සැලකිලි ලබයි. මෙම නැකතින් උපන් කාන්තාව බොහෝ වස්‌තු සම්භාරයකට හිමිකම් කියන්නීය. ආත්ම ගෞරවය ප‍්‍රාණය සේ ආරක්‍ෂා කරන්නීය.

විසා නැකත
මෙම නැකතින් උපන් අය බොහෝ ධාර්මිකය. සමාජ සේවය, හා සුභ සාධක වැඩවලට ඇප කැපවී ක‍්‍රියා කරයි. කාන්තාවන් නම් මනා රූ සපුවකින් යුත් කෝමල ගති පැවතුම් ඇත. වින යානුකූලවද චරිතය මැයට ආභරණයක්‌ බඳුය. ආගමික වතාවත්වලට ප‍්‍රියවේ.

අනුර නැකත
සමාජ සේවයට ප‍්‍රියවේ. දේශපාලන කටයුතුවල නිරතවීමට ලැදිය. පරාර්ථකාමී බව කැපී පෙනෙයි. අන්‍යයන්ගේ ගරු සැලකිලි ලැබීමට වාසනාව ඇත.

දෙට නැකත
මෙම නැකතින් උපන් අය ඉතාමත් නිහතමානී කාගේත් පැසසුම් ලබන අය වේ. තැන්පත් ගතිගුණවලින් යුක්‌තය. කාර්යශූර ගතියක්‌ පෙන්නුම් කරයි. කාන්තාවක්‌ නම් ධන සම්පත් හිමි ඉතා වාසනාවන්ත ජීවිතයක්‌ ගත කරන්නීය.

මුල නැකත
මෙම නැකතින් උපත ලද අය හුදෙකලාව සිටීමට කැමතිය. ඉගෙනීමට දක්‍ෂතාවයක්‌ ඇතත් ඉන් ප‍්‍රයෝජන ගැනීමට වාසනාවන්ත නොවේ. කඩිසරකම, ක‍්‍රියාකාරීත්වය අඩුය. හැමවිටම උදාසීනව කටයුතු කරයි.

පුවසල නැකත
බලවත් අධිෂ්ඨාන ශක්‌තියකින් යුතු යහපත් කටයුතු කෙරෙහි යොමු වන සත්‍ය වචන නිතර කතා කරන අයවේ. පළල් ඇස්‌වලින් හා මනස්‌කාන්ත ශරීරයකින් යුක්‌තය. තරමක අහංකාර ගතියක්‌ද ඇත.

උත‍්‍රසල නැකත
උත‍්‍රසල නැකතින් උපන් අය සමාජයේ කීර්තියට ලක්‌වෙයි. ප‍්‍රීතිමත්, විනෝදකාමී දිවියක්‌ ගත කරයි. ශූරවීර කම්වලින් ජනයා අතර ප‍්‍රසිද්ධවේ. කාන්තාවක්‌ නම් සිය ස්‌වාමි පුරුෂයාට උසස්‌ අන්දමින් සලකයි. ලස්‌සන දූ දරුවන් ලැබීමට වාසනාව ඇත.

සුවන නැකත
දුරදිග බලා කටයුතු කරන ගුණ ගරුක අයෙක්‌ වේ. ගුප්ත ශාස්‌ත‍්‍ර ආදියට මහත් ලැදිකමක්‌ දක්‌වයි. මෙම නැකතින් උපත ලද කාන්තාව නියම නාරි ලාලිත්‍යයෙන් හෙබි දුටුවන් මන නුවන් පිනවන අයෙකි. ඥානවන්තය. චරිතය යහපත්ය.

දෙනට නැකත
මෙම නැකතින් උපන් අය ඥානවන්තය. ක‍්‍රියාශීලීය. ස්‌ථානෝචිත ප‍්‍රඥාවෙන් යුක්‌තය. ආත්ම විශ්වාසයෙන් යුතු අයවෙති. නිදහස තදින් අගය කරයි. පටන් ගත් කාර්යය අවසානය දක්‌වාම කෙසේ හෝ කරගෙන යයි.

සියාවස නැකත
තමන්ගේ ආගම පිළිබඳව මහත් භක්‌තියක්‌ ඇත. අන්‍යයන් අතර ප‍්‍රශංසා ලබයි. ස්‌ථානෝචිත ප‍්‍රඥාවක්‌ ඇත. කාම සම්පත් කෙරෙහි උදාසීන බවක්‌ දක්‌වයි. එය පාලනය කර ගැනීමේ හැකියාවද ඇත.

පුව පුටුප නැකත
ප‍්‍රිය මනාප ගති පැවතුම් ඇත. බාහිර පෙනුමෙන් මෙන්ම අභ්‍යන්තර ගුණ ධර්මවලින්ද පිරිපුන් අයවෙති. ඥානවන්තය. ඉගෙනීමටද දක්‍ෂය. උත‍්‍ර පුටුප නැකත. මෙම නැකතින් උපන් අය තම මතයට අනුවම ක‍්‍රියා කරයි. දර දඬු සිත් ඇත්තෝ වෙති. දුක්‌ කරදර දරා ගැනීමේ ශක්‌තිය ඇත. අර පිරිමැස්‌මෙන් කටයුතු කරන හෙයින් මසුරු බවක්‌ද පෙන්නුම් කරයි. රහස්‌ රැකගැනීමේ ශක්‌තියක්‌ ඇත.

රේවති නැකත
මෙම නැකතින් උපන් අයට රූමත් ශරීරයක්‌ හිමිව ඇත. ධනවත්, භව භෝග, සම්පත් ඇති අයයි. ගෞරවනීය ජීවිතයක්‌ ගත කරයි. කාන්තාවක්‌ නම් ඇයගේ රූපශ‍්‍රිය කාගේත් සිත්ගන්නා සුළුය. ධන ධාන්‍ය හිමි වීමේ භාග්‍යය ඇති කාන්තාවකි.


උපුටාගැනීම අන්තර්ජාලයෙන් (හිඹුටානේ - පියතිලක ද අල්විස්‌)
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top