වෙසක් සමයේ හොල්මන් මන්දිර, භූත ගුහා හා අධික ඝෝෂාකාරී වාහනවලට රතු එළි.. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ සුවිශේෂී අනාවරණය..
Thursday, 21 May 2026 - 10:30 | Views - 94

"බොදු සංස්කෘතියට නිගා කළොත් දණ්ඩ නීති සංග්‍රහයෙන් වැඩ වරදිනවා" - පොලිසියෙන් සැර අනතුරු ඇඟවීමක්!

මෙරට බෞද්ධ ජනතාව මහත් අභිමානයෙන් සහ ආමිස, ප්‍රතිපත්ති පූජාවන්ගෙන් යුක්තව සමරනු ලබන උතුම් වෙසක් උත්සව සමය තුළ, ආගමික වතාවත්වලට හා බොදු සංස්කෘතියට හානිවන අයුරින් කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම වෙසක් උත්සවයේ උත්කර්ෂවත්භාවයට හානි කරමින් හොල්මන් මන්දිර හෝ භූත ගුහා පවත්වන පිරිස්වලට හා බුදු දහමට නිගා වන අයුරින් ඔලුබක්කන් නටමින් ප්‍රසිද්ධියේ අශෝභන ලෙස හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව කිසිදු තරාතිරමකින් තොරව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් අප කළ විශේෂ විමසීමකදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ආගමික හා සංස්කෘතික අනන්‍යතාවයන් කෙලෙසන පුද්ගලයන්ට ලැබෙන දඬුවම් පිළිබඳව මෙලෙස අවධාරණය කළා.

"වෙසක් උත්සවය කියන්නේ බෞද්ධ තෙමඟුල සිහි කරන උතුම් වූ ආගමික උත්සවයක්. එවැනි උතුම් වූ බෞද්ධ දර්ශනයට සහ බොදු සංස්කෘතියට අගෞරවයක් හෝ හානියක් වන අයුරින් යම් කිසි කෙනෙකු ක්‍රියා කරන්නේ නම්, ඔහුට විරුද්ධව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන අනුව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා."

වෙසක් තොරණ හා දන්සල් වැඳපුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මානසික ඒකාග්‍රතාවය හා සාමය බිඳදමන වාහනවලට එරෙහිවද මෙවර විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අධික ශබ්දය සහ අධික ඝෝෂාව නංවමින්, සයිලන්සර් වෙනස් කරමින් ඇතැමුන් තමන්ගේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ පදවමින් සිදුකරන විවිධ කලහකාරී ක්‍රියාවන්ට එරෙහිව මෙන්ම මාර්ග නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිවද මෙවර වෙසක් සමයේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළා.

උතුම් වෙසක් උත්සවයේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින්, අන් අයට හිරිහැරයක් නොවන පරිදි ශාන්ත හා සංවේදී වටපිටාවක වෙසක් සිරි නැරඹීමට හා ආගමික වතාවත්වල නිරත වීමට කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානය සමස්ත මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව වැඩිදුරටත් තහවුරු කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top