පාසල් සහය දිවීමේ තරගාවලිය අද සිට දින තුනක් පුරා. හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රහයෙන් සිසුන් 4500ක් පිටියට..
ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ වසරේ වඩාත්ම උද්යෝගිමත් මලල ක්‍රීඩා මංගල්‍යයක් අද (21) සිට දින තුනක් පුරා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 04 වරටත් සංවිධානය කරනු ලබන "පාසල් සහය දිවීමේ තරගාවලිය" හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
මෙම සුවිශේෂී මලල ක්‍රීඩා තරගාවලිය සඳහා මෙරට ප්‍රමුඛතම මාධ්‍ය ජාලය වන "හිරු මාධ්‍ය ජාලය" පූර්ණ අනුග්‍රහය දක්වනු ලබනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය සහ මඟපෙන්වීම සහිතව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සියලු වයස් කාණ්ඩ ආවරණය වන පරිදි පාසල් ළමයින් 4,500කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.