පොලිස් වාර්තා ලේසියෙන්ම ගන්න පුළුවන් ක්රමයක් හෙට සිට
Monday, 06 March 2017 - 13:09 | Views - 5,030
පොලිස් වාර්තා ඔන්ලයින් ක්රමයට ලබාගැනීමේ පහසුකම හෙට සිට ආරම්භ කෙරෙනවා.
ඒ සඳහා අදාළ වෙබ් අඩවිය ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සහයෙන් සංවර්ධනය කර ඇති බව සඳහන්.
මෙතෙක් පොලිස් වාර්තා ලබාගැනීම සඳහා අදාළ පුද්ගලයා පොලිස් ස්ථානය වෙත යා යුතු වූ අතර නව ක්රමය අනුව සිය පෞද්ගලික පරිගණකය හෝ ජංගම දුරකථනය ඔස්සේද ඒ සඳහා අයදුම් කළ හැකිියි.
www.police.lk වෙබ් අඩවිය ඔස්සේ අදාළ අයදුම්පත් බාගත කළ හැකිවනවා.
මෙතෙක් පැවති ක්රමයෙන් මහජනතාවට ඇතිවූ අපහසුතා මගහරවා ගැනීම සඳහා ඔන්ලයින් ක්රමය හඳුන්වා දී ඇත.
Share This Article