ගස්ලබු කියන්නේ විශිෂ්ට පෝෂණ ගුණයක් සහිත පලතුරු වර්ගයක්.
එය ශරීරයේ අභ්‍යන්තරයට, සමට පෝෂණයක් ලබාදෙනවා වගේම පිළිකා සඳහාද හොඳ ඔසුවක්.
ඒවගේම ගස්ලබු ඇට ද ඔබේ ශරීරයට ප්‍රයෝජනවත් බව ඔබ දැනගෙන හිටියද?
ගොඩක් වෙලාවට අපි කරන්නේ ගස්ලබු ආහාරයට ගැනීමේදී ඇට ටික විසිකරලා දාන එක.
නමුත් ගස්ලබු ඇටවල ෆ්ලේවනොයිඩ් සංයෝග වලින් පොහොසත් වන අතර ප්‍රෝටීන්, කැල්සියම්, මැග්නීසියම් සහ පොස්පරස් අඩංගු වේ.
එමෙන්ම ප්‍රබල ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිජීවක ඖෂධ සහ ප්රතිතිබැක්ටීරීය බලපෑම් පෙන්නුම් කරනවා.
ගස්ලබු ඇට ආහාරයට ගත හැකි අයුරු
01. ගස්ලබු ආහාරයට ගැනීමේදී ඇට ද අමුවෙන් ආහාරයට ගන්න පුළුවන්.
02. ගස්ලබු ඇට කුඩා වංගෙඩියක දමා කොටාගෙන විදුරු බෝතලයක දමා ශීතකරණයේ තබන්න. සුප්, ස්මුතිස් හා සලාද වර්ග හදනකොට එයින් ටිකක් දමා පිළියෙළ කරගන්න පුළුවන්. ශිතකරණේ තැබීමෙන් සතියක පමණ කාලයක් මෙය භාවිතා කල හැකියි.
03. ගස්ලබු ඇට අව්වේ හොඳින් වෙලාගෙන බ්ලෙන්ඩර් කර කුඩු කරගන්න. මෙය ගම්මිරිස් වලට ආදේශයක් ලෙස යොදා ගත හැකියි. එය ආහාර වර්ග පිළියෙළ කිරීමේදී භාවිතා කරන්න පුළුවන්.
ගස්ලබු ඇට ප්‍රතිබැක්ටීරීය ගුණ වලින් පොහොසත් නිසා වැඩිපුර ආහාරයට ගැනීමද නොකළ යුතුයි.
එය පාචනය වැනි අතුරු ආබාධ වලට හේතු වෙන්න පුළුවන්.
එම නිසා දිනකට මේස හැඳි 1-2 අතර ප්‍රමාණයක් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි.
ගස්ලබු ඇට ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්රතිලාභ
ආහාර ජීරණය පහසු කරයි.
ගරිරයේ දිලීර පරපෝෂිතයන් ඉවත් කිරීම සඳහා උපකාරි වේ.
පිළිකා සෛලවල වර්ධනය මන්දගාමී කරයි.
ආතරයිටිස්, සන්ධි වේදනාව, රක්තවාතය සහ ඇදුම වැනි තත්වයන් ආශ්රිත ආසාධන අඩු කිරීම සඳහා ක්‍රියාකරයි.
වකුගඩු වල සහ අක්මාවේ ඇති විෂ ඉවත් කිරීම සඳහා උපකාර කරයි.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -