මේ කාලයේ ගොඩක් තරුණියන් අවධානය යොමු කරන්නේ තමන්ගේ සම ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මුහුණ එක පාටක්, අත් දෙක එක පාටක්, කකුල් දෙක එක පාටක්, ඒ වගේම A/C කරපු office වල වැඩ කරන අයගේ සම වේලෙන එකත් ගැටලුවක්.
තරුණියන් මේ ගැටලූ දෙකටම වෙළඳපොලේ තියෙන විවිධ ආලේපනවලට ගොඩක් වියදම් කරන්න පුරුදු වෙලා තියෙනවා, ඒත් ඒවා ගොඩක් වෙලාවට තාවකාලිකයි.
අපි අද කියන්න යන්නේ මේ ගැටලූ දෙකටම ඉතාමත් පහසුවෙන්, නිවසේදී ම හදාගන්න පුලුවන් ආලේපනයක් ගැන.
මෙයට අවශ්‍ය වන්නේ,
- පිරිසිදු පොල්තෙල්
- කැරට් අලයක්
- විනිවිද පෙනෙන වීදූරු බෝතලයක්

මේ වැඩේට ඕනේ වතුර පාටට තියෙන පිරිසිදු පොල්තෙල්, සුපිරි වෙළඳ සැල්වල තියෙනවා. මුලින්ම වීදූරු බෝතලේ හොඳින් හෝදලා අව්වේ වේලාගන්න, ඊට පස්සේ මේ බෝතලයට පිරිසිදු පොල්තෙල් දාලා ඒකට කැරට් අලය පෙති කපලා දාන්න.
හරි දැන් මේ බෝතලය මූඩියෙන් වහලා හොඳට ඉර අව්ව වැටෙන තැනක දවස් 2ක් තියන්න.
දවස් දෙකක් අව්වේ තියාගත්ත මේ තෙල් බෝතලය අරන් කැරට් අල කැබලි ඉවත් කරන්න. ඊට පස්සේ හැමදාම රෑට නිදා ගන්න කලින් හොඳින් ඇඟ හෝදලා, මේ ආලේපනය ශරීරයේ ගල්වන්න.
මේ විදියට මේක ටික කාලයක් පාවිච්චි කරද්දි ඔබටම වෙනස දැනෙයි, සම පැහැපත් වෙනවා, සමේ තෙතමනය රැක දෙනවා.
ඉතින් මේ වගේ ක්‍රමයකට පුරුදු වුනාම වැඩෙත් ලේසියි, අතේ සල්ලිත් ඉතුරුයි...
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -