කෝමාරිකා යුෂ ඔබේ රූපය ආරක්ෂා කරන හැටි මෙන්න
Monday, 24 July 2017 - 11:01 | Views - 28,007
කෝමාරිකා කියන්නේ සාමාන්‍යයෙන් ඕනම ගෙදරක තියෙන පැල වර්ගයක්. මේ ලිපියෙන් කියවෙන්නේ කෝමාරිකා සතු වටිනා ඖෂධීය ගුණයන් අපට ප්‍රයෝජනවත්වන අයුරුයි.

01. හිරු එළියෙන් පිළිස්සුන සමට හොද ප‍්‍රතිකාරයක්
කෝමාරිකා යුෂ සම මත ආලේප කිරීමෙන්, හිරුකිරණෙන් ආරක්ෂා වන්නට සමට අවශ්‍ය වැස්මක් ලැබේ. ඒ වගේම සමේ තෙතමනයත් රදා පවත්වයි.

02. සමේ තෙතමනය පවත්වාගෙන යන්නට උපකාරී වේ
සම වියලි බවින් මුදා, සමට අවශ්‍ය තෙතමනය පවත්වාගෙන යන්නට මේ කෝමාරිකා යුෂ උදව් වේ.

03. සමේ ඇතිවන ආසාධන වලට හොද ප‍්‍රතිකාරයක් වේ
කෝමාරිකා යුෂ වල තිබෙන සුව කිරීමේ හා සිසිලස ගෙන දීමේ හැකියාවන් නිසා, සමේ ඇතිවන "‍දැවිල්ල"‍, "බිබිලි"‍ හා "කැසිල්ල"‍ වැනි දෑ අවම කර ගැනීමට කෝමාරිකා උපකාරී වේ.

04. සම වයසට යාම අවම කරයි
කෝමාරිකා වල තිබෙන ඇන්ටි-ඔක්සිඩන්ට්, බෙටා කැරොටින්, විටමින් K නිසා, සමේ රැක දේ. එමගින්, සමේ අනවශ්‍ය රැලි වැටීම වලක්වයි. සම ඇදීම අවම කරයි.

05. ස්ට්‍රේච් මාර්ක්ස් අවම කරයි
ගර්භනී බව නිසා හෝ ක්ෂණික මහත් වීමක් හෝ කෙට්ටු වීමක් නිසා, සමේ ස්ට්‍රේච් මාර්ක්ස් ඇති වෙලා තියෙනවනම්, කෝමාරිකා යුෂ ආලේප කිරීමෙන් ඒ මාර්ක්ස් අවම කර ගන්න පුළුවන්.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top