පහසුවෙන්ම බර අඩු කරගන්න ඕනේනම් මේ ටික දැනගන්න
Thursday, 20 July 2017 - 17:41 | Views - 11,867

ඕනම කාන්තාවක් කැමති නීරෝගිව හැඩට ඉන්න. ඒත් එහෙම ඉන්නනම් ඔබ ආහාරයට ගන්නා දේවල් ගැනද සැලකිලිමත් විය යුතුයි. මේ ලිපියෙන් කියවෙන්නේ ඒ පිළිබඳවයි.
01. සුවබර ආහාර වේලකට ඔබ නැවුම් එළවළු ආහාරයට ගත යුතුයි. ඒවායෙහි විටමින්, ඛනිජ ලවන බහුලව ඇතුළත්. එහෙයින් දෛනිකව පළමු ආහාර වේලට පෙර එළවළු ආහාරයට ගැනීම වඩාත් යෝග්‍යයි.
02. තෙල් සහිත ආහාරවලට කාන්තාවන් බොහෝ රුචිකත්වයක් දක්වනවා. නමුත් එමගින් වැළඳෙන ලෙඩ රෝග වැඩියි. එනිසා මේදය රහිත හෝ මේදය අඩු කිරි ආශ්රිත නිෂ්පාදන ආහාරයට පුරුදු වෙන්න.
03. කාන්තාවන් තෙල් භාවිතයට කොතරම් කැමැති වුණත් ශරීරයට හිතකර තෙල් වර්ග කිසියම් සීමාවකට අනුව භාවිත කරන්න. උදාහරණ ලෙස ඔලිව් තෙල්, කැනෝලා තෙල්, මත්ස්‍ය තෙල් ආදියේ වැඩිපුර ඔමේගා 3 සහ ඔමේගා 6 අඩංගු වෙනවා. ඒවා මඟින් ශරීරයේ බර අඩු කරගත හැකියි.
04. දිනකට ඔබ ලබාගත යුතු කැලරි ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතුයි. දිනකට කැලරි 500 ක් පමණ ලබා ගැනීමෙන් ඔබගේ බර සතියකට කිලෝ එකකින් පමණ අඩු කරගත හැකියි.
05. කාර්යබහුල භාවය නිසාම කාන්තාවන් ජලය පානය කරනවා අඩුයි. නමුත් දිනකට වතුර වීදුරු 8-10 ක් පානය කළ යුතුයි. සමහර වෙලාවට ඔබගේ මොළයට වැරැදී පිපාසය වෙනුවට කුසගින්න දැනෙන්න හරිනවා. බඩගිනි එන හැම වෙලාවකම වතුර වීදුරුවක් පානය කිරිමට පුරුදු වෙන්න.
06. ඔබේ සිරුරට ප්‍රෝටීන ලබා ගැනීමට නම් තෙල් රහිත රතු මස්, කළුකුං මස්, කුකුළාගේ ළය පෙදෙසේ මස් සහ බෝංචි ලබා ගැනීම යෝග්‍යයි. මෙමඟින් ශරීරයේ බර අඩුවීම සිදුවෙනවා.
07. ආහාර තෝරා ගැනීමේදී නුවණක්කාර වෙමින් ධාන්‍ය ආහාරයට ගන්න. ඔබ ලබා ගන්නා ධාන්‍ය සියල්ලෙන් 50%කින් කාබෝහයිඩ්රේට් ලැබෙනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article