උණුසුම් පානීය ජලයෙන් නිරෝගි සුවයක්
Monday, 06 May 2019 - 11:13 | Views - 3,379
ආහාර වේලක් ගැනීමේදී හා ගැනීමෙන් පසූ ශීත කළ ජලය හෝ බීම පානය කිරීම බොහෝ දෙනකුගේ පුරුද්දක්.
ඒත් එය හොඳ සෞඛ්‍ය පුරුද්දක් නොවෙයි. ශීත ජල පානය මගින් ජීර්ණ පද්ධතියේ රුධිර නාළ හකුළුවන බැවින් ආහාරවල පෝෂණ, කොටස් උරා ගැන්මට අපහසුවනවා .
ආහාරයට ගත් මේද කොටස් ඝන වන අතර ඉන් ආහාර දිරවීමේ ගැටළු ඇතිවනවා.
සිරුරේ පරිවෘත්තීය ක්‍රියා අඩාලවී ප්‍රතිශක්තිකරණය දුර්වලවන අතර එය දිගින් දිගටම පැවතීමෙන් පසුකාලීන පිළිකා තත්ත්වයන් පවා ඇතිවිය හැකියි.

මේද නිසි පරිදි දිරවා ගැනීමට උපකාරි වන්නේ මඳ උණුසුමින් යුත් පානීය ජලයයි.එහෙයින් ආහාර ගැන්මෙන් පසු පානය කළ යුත්තේ මඳ උණුසුමක් ඇති ජලයයි.
එමගින්, ජීර්ණ පද්ධතියේ මෙන්ම රුධිර සංසරණ පද්ධතියේ ද මනා ක්‍රියාකාරිත්වයක් ඇතිවනවා.

බෙහෙත් පෙත්තක් ගැනීමේදී එහි ඖෂධීය ගුණ සිරුරට මැනවින් උරාගන්නේත් උණුසුම් ජලය සමග ගැනීමෙනුයි.

පරිසරයෙන් අප ලබාගන්නා ජලයෙහි නොයෙකුත් විෂබීජ තිබිය හැකි අතර හොඳින් උතුරවා නිවෙන්නට හැර පානය කිරීම සෞඛ්‍යයට හිතකරයි. එය මඳක් උණුසුම්ව තිබියදී බීමට ගැනීමෙන් සිරුරට තවත් වාසි රැසක්ම අත්වෙනවා. උතුරවාගත් ජලයට ඇල්දිය මුසුකර එය සකසා ගැනීම සුදුසු නැහැ.
එසේ සකසාගත් ජලයෙහි ක්ෂුද්‍ර ජීවින් සිටිය හැකියි. එහෙයින් උණුකරගත් ජලය ම අවශ්‍ය පමණට නිවා පානය ට ගත යුතුයි.

අවදිවූ විගස හිස්බඩ උණුසුම් ජලය පානය කිරීම ඉතා හිතකර පුරුද්දක් . උදෑසන උණුසුම් වතුර ලීටරයක් පානය කරන්නේ නම් සිරුරේ විෂ හරණය වනවා. එය හතිය පාලනය වීමට ද හේතුවනවා.එය වේදනා නාශකයක්. මුත්‍රා දැවිල්ල ඇතුළු මුත්‍රා රෝග වලදී සහන සළසන්නක්. මල බද්ධය දුරුකර මල මුත්‍ර පහසුවෙන් පිටකිරීමට ද උපකාරිවන්නක්.

දියවැඩියාවට වෛද්‍යවරයකු විසින් යෝජනා කෙරුණු උණුසුම් ජලය පානය කිරීමේ උණු ජල සාත්තු ක්‍රම වේදය යොදාගැන්මෙන් එම රෝග තත්ත්වය යම් ප්‍රමාණයකට පාලනය කර ගත හැකි වූ බව සඳහන්. මත්පැන් හෝ මත් ද්‍රව්‍යවලින් මත්වූවකුගේ මත්ගතිය අඩු කිරීමට උණුසුම් ජලය දායකවනවා. අතීසාර. වමන බඩ පිපුම් වේදනා ආදියේදී සහන සළසනවා.

ශීත ජලය පානයෙන් සිරුෆේ මේද තැන්පත්වී තරබාරු විය හැකි අතර උණුසුම් ජල පානයෙන් අනවශ්‍ය මේද ඉවත්කර බර අඩුකර ගත හැකියි.
මනාව ඩහදිය, පිටකර සිරුර නිරෝගි කර ආහාර රුචිය ඇති කිරීමටත් එය හේතුවෙනවා.

දරුවකු උපන් අළුත මවකටත් , රෝගීවූ තැනැත්තකුටත් බීමට සුදුසු වන්නේ උණුසුම් ජලයයි. උණ සෙම්ප්‍රතිශ්‍යා උගුරේ අපහසුතා ඇතිවිට උණුසුම් ජල පානය ඉතා හිතකරයි .
වියලි කැස්ස ඇතිවිට උණුසුම් ජලයට සහිඳ ලුණු ස්වල්පයක් එක්කර පානය කිරීමෙන් සහනය අත්කර ගත හැකියි. උදරාබාධ වාතාබාධ අර්ශස් මලබද්ධ රෝගවලදී ත් උණුසුම් ජල පානය සහන සළසනවා. එය සමටත් හිතකර යි. ඉන් කුරුළෑ අවම වී සමරැලි වැටීම් අඩුවී වියපත් පෙනුම පමාවන බව සඳහන් .

උණුසුම් ජල පානය මොළය උත්තේජනය කරනවා. මනස ප්‍රබෝධවත් කරනවා. සිරුර ක්‍රියාශීලී කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top