නීරෝගි කෙස් කළඹක් හිමි සුරූපිණියන්ගේ රහස් මෙන්න
Wednesday, 19 July 2017 - 14:44 | Views - 17,937
තම සුන්දරත්වය ගැන සිතන යුවතියන් සම මෙන්ම හිසකෙස් පිළිබඳත් උනන්දුවෙන් කටයුතු කරනවා. නිරෝගී වරලසක් හිමි කරගන්න ඔබත් කැමැති නම් මේ කාරණා ගැනත් සිතන්න.

1. හැකි හැම විටම ස්වාභාවික දෙයට මුල් තැන
ඔබ කෙතරම් අවිවේකී වුවත් සතියකට වරක් හෝ හිසකෙස්වලටද විවේකයක් ලබාදෙන්න. නිව්යෝර්ක් නගරයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සමේ රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ සතියකට වරක් හෝ හිසකෙස්වලට ප‍්‍රාණවත් බවක් ලබාදිය යුතු බවයි. ස්නානය කළ පසු හිසකෙස් සුළඟින් වියළීමට හරින්න. හිසකෙස් තද නොකර ලිහිල්ව බැඳ තබා ගන්න.

2. හිස් කබල ගැනත් හිතන්න
හිස් කබල නිතර කසමින් සිටින විට ෂැම්පු යොදා පිරිසුදු වුවත් එය ප‍්‍රමාණවත් නොවේ. දිගු කාලයක සිට හිස්හොරි හිසේ ඇත්නම් වහාම සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ගොස් ප‍්‍රතිකාර ලබා ගන්න.

3. ප්‍රෝටීන් බහුල පෝෂණීය ආහාර ගන්න
ප්‍රෝටීන් හිසකෙස් මර්දනයට අත්‍යවශ්‍යම පෝෂණ සංඝටකයක්. මේ නිසා සමබල ආහාර වේලකින් ප්‍රෝටීන් නොලැබෙන්නේ නම් නිරෝගී කෙස් වර්ධනයට එය බාධාවකි.

4. උණුසුම් යන්ත‍්‍රවලින් ඈත්වන්න
දිනපතා ස්නානය කළ පසු හිසකෙස් වියළන යන්ත‍්‍රය භාවිතයට හුරුව සිටින්නේද? අධික උණුසුම් මෙවැනි යන්ත‍්‍රවලට හිසකෙස් වැඩි වේලාවක් අල්ලා සිටීමෙන් හිසකෙස්වලට හානි වෙයි. මේ නිසා අඩු උණුසුමට පමණක් අල්ලා හිසකෙස් වියළා ගන්න. හිසකෙස් කර්ල් හෝ ස්ට්‍රේට් කරන්නේ නම් ඊට පෙර හිසකෙස් ආරක්ෂා කරන ස්පේ‍්‍ර එකක් භාවිත කිරීමට සිහි තබා ගන්න.

5. හිස් ආවරණ පලඳින්න
දැඩි අව් රශ්මියට නිරාවරණය වීමෙන් සම පමණක් නොව හිසකෙස්ද වියළී පිලිස්සීමට ලක් වෙයි. එම හානි වළක්වා ගැනීමට නම් දිවා කාලයේ පිටතට යන ඔබ හිස් වැස්මක් හෝ හිරු කිරණ පරාවර්තන කරන කුඩයක් අතැතිව යන්න.

6. උණුසුම් ජලයෙන් ස්නානය නොකරන්න
ඇතැම් විට ඔබත් වැසි කාලයේ අධික සීතල නිසාම උණු ජලයෙන් ස්නානය කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා ඇති. නමුත් ඔබේ සම මෙන්ම හිසකෙස්ද උණු ජලයෙන් සෝදා හැරීමෙන් වියළෙයි. මේ නිසා ඇල් ජලයෙන් ස්නානය කිරීම වඩාත් සුදුසුයි.

7. නිවැරදිව හිසකෙස් පීරාගන්න
හිස පීරාගැනීමත් හිසට හොඳ ව්‍යායාමයක්. නමුත් දිනකදී වැඩි වාරයක් හිසකෙස් පීරීමද හිසකෙස් කැඩී යෑමට හේතු විය හැකියි. මේ නිසා දිනකට වරක් පමණක් කොණ්ඩය පීරා ගැනීම සෑහෙයි.

8. දේශගුණය අනුව නිෂ්පාදන තෝරා ගන්න
හිසකෙස්වලට විවිධ නිෂ්පාදන වර්ග තෝරා ගන්නා විටත් ඒ දේශගුණ වෙනස පිළිබඳ දැනුවත් වීම වැදගත්. මේ නිසා අප කොණ්ඩයට නිෂ්පාදන වර්ග තෝරන විට බටහිර රටවල නිෂ්පාදනවලට වඩා ආසියානු නිෂ්පාදනවලට මුල් තැනක් දෙන්න.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top