ඔබත් මහතද? මෙන්න ඒකට නියම බෙහෙතක්...
අන්නාසි ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට බොහෝ ගුණයන් ලැබෙනවා.
ඒත් අද අපි කතා කරන්නේ අන්නාසි ලෙලි භාවිතා කර රසවත් හා සෞඛ්‍ය සම්පන්න පානයක් සකසා ගන්න ආකාරයයි. මෙම පානයෙන් ඔබේ ශරීරයේ ඇති විෂ සහිත ද්‍රාවන ඉවත්කර උදරයේ තැම්පත් වී ඇති මේදය දහනය කර අධික තරබාරුව පාලනය කරයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- හොඳින් ඉදුණු අන්නාසි ගෙඩියකින් ලබාගත් ලෙලි
- දොඩම් යුෂ ලීටරයක්
- කුරුඳු කුඩු තේ හැන්දක් (2gm)
සාදා ගන්නා ආකාරය:
ප්‍රථමයෙන් හොඳින් ඉඳුණු අන්නාසි ගෙඩියක් ගෙන එයින් කටු සහිත අන්නාසි ලෙලි ලබාගන්න.
ඉන්පසුව මෙම අන්නාසි ලෙලි හොඳින් සෝදාගෙන ජලය ලීටරයක් එකතු කරන්න. දැන් දොඩම් යුෂ ලීටරය සහ කුරුඳු කුඩු එකතු කරගන්න. (මෙහිදී ජලය සහ දොඩම් යුෂ 1:1 අනුපාතයට භාවිතා කිරීම වඩාත් සුදුසුයි, ඒ වගේම කුරුඳු කුඩු වෙනුවට කුරුඳු පොතුත් භාවිතා කරන්නට පුලුවන්). මෙම පානය රසවත් කිරීම සඳහා මෙයට අයිස් ක්‍රීම් ස්වල්පයකුත් යොදාගෙන ශීතකරණයේ දමා සිසිල්කර පානය කරන්න.
භාවිතා කරන ආකාරය:
ශරීරයේ ඇති විෂ සහිත ද්‍රාවන ඉවත්කර ගැනීම සඳහා මෙම පානයෙන් වීදුරුවක් උදෑසනම පානය කරන්න. මෙය සති දෙකක කාලයක් එක දිගට පානය කර සතියක් පමණ පානය නොකර සිට නැවතත් පානය කිරීම ආරම්භ කරන්න. මේ ආකාරයට මාස දෙකක් මෙම පානය පරිභෝජනය කරන්න.
ඔබ ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා මෙම පානය පාරිභෝජනය කරන්නේ නම් අවම වශයෙන් මෙය සතියකට තුන්වතාවක් පමණ ආහාර ගැනීමට පෙර පානය කරන්න.
"සැලකිය යුතුයි - පාචනය වැළඳී ඇති රෝගීන්ට සහ මූත්‍රාපද්ධතිය ආශ්‍රිත රෝග සඳහා ඖෂධ ලබාගන්නා පුද්ගලයින්ට අන්නාසි පරිභෝජනය කිරීම කිසිසේත් සුදුසු වන්නේ නැත."
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -