ඔබට සිදුවන ශාරීරික තුවාල සුව නොවෙන හේතු මෙන්න
Monday, 10 July 2017 - 14:06 | Views - 13,141
ඕනෑම කෙනෙකුට ඕනෑම වේලාවකදී සුළු සුළු අනතුරුවලට මුහුණ දෙන්න සිදුවන අවස්ථා බොහොමයි.ඒවායින් ඇතිවන තුවාල ඉක්මණින් සුව වෙන අවස්ථාද සුවනොවෙන අවස්ථාද ඇත. එසේ තුවාල සුව නොවෙන්නේ බලපාන හේතු තිබෙනවා. මේ ලිපියෙන් කියවෙන්නේ එසේ වීමට බලපාන හේතු හා ගතහැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳවයි.

දියවැඩියා රෝගීන්ට-

මින් ප්‍රධානම හේතුවක් වන්නේ දියවැඩියා රෝගී තත්ත්වයයි. දියවැඩියා රෝගීන්ට අනතුරක් වූ විට එම තුවාල සුව වීම සඳහා වැඩි කාලයක් ගත වේ. මොවුන්ගේ ස්නායුවල පවතින දුර්වලතා නිසා පාදයේ යටි පතුලට සංවේදනය වන්නේ අඩු වශයෙනි.

මේ නිසා පාදයේ ගැටීමක් ඇති වුවත් එය නොදැනීම නිසාත් සුව වීමටද වැඩි කාලයක් ගත වේ. එවිට ප්‍රතිකාර නොකළහොත් පාදය නිතර නිතර ගැටීමෙන් වුවද තුවාල සිදුවීමට පුළුවන. ගල් තැළුම් වැඩි වශයෙන් ඇති වන්නේද මෙම හේතුවෙනි. මේ නිසා දියවැඩියා රෝගීන් නිතර පාද පරීක්ෂා කරන්න. නියපොතු කැඩී යෑම හා නිතර තුවාල වන්නේ නම් ඒ පිළිබඳත් සැලකිලිමත් වන්න. වසරකට වරක්වත් පාද පරීක්ෂාවට ලක් කර ගන්නේ නම් මෙම අවදානම ඔබට බොහෝ සෙයින් අඩු කර ගත හැකිය. දියවැඩියා රෝගය පාලනය කර ගනිමින් පාදයේ ආරක්ෂාවට විශේෂිත වූ පාවහන් පැලැඳීමෙන්ද මෙම තුවාල ඇති වීම වළක්වා ගැනීමට හැකියාව ඇත.

නහර ගැට ගැසීම-

දිගුකාලීනව තුවාල සුව නොවීමට හේතු වන අනෙක් කරුණ නම් නහර ගැට ගැසීමයි.මෙවැනි අවස්ථාවකදී පාදයේ සම තුනීවීම හා නහර පිටතට පහසුවෙන් පෙනීම නිසාත් පාදවල ඉතා ඉක්මනින් තුවාල හට ගනියි. සමට ලේ කාන්දු වන නිසා සම නිතර කැසීමට ලක්වීමෙන් මෙම තුවාල හට ගැනීමට පුළුවන.


තුවාල ඇතිවන්නේ වළලූ‍කර ප්‍රදේශයෙන් පහළ කොටසේය.මෙවැනි අවස්ථාවක ඇතිවන තුවාලවලට ඔබටම ප්‍රතිකාර කර ගත නොහැකිය. මෙම තුවාල වඩාත් ආසාදනය වී දුර්වර්ණ වීමට පෙර සුදුසු වෛද්‍යවරයකු හමුවට ගොස් ප්‍රතිකාර ගත යුතුය.


ආරක්ෂාව-

වළලූ‍කරින් පහළ කොටසේ සම තුනී වී ඇත්නම් පාදයේ ආරක්ෂාවට දිගු මේස් පැලැඳීමටද ඔබට හැකියාව ඇත.ඔබේ පාදයේ නිතර තුවාල ඇති වේ නම් එහි තෙතමනය රැඬෙන ආකාරයට ඛෙහෙත් යොදා වෙළුම් පටියකින් දණහිස වනතෙක් තදින් වෙලා තබන්න. සතියට වරක්වත් වෛද්‍යවරයෙක් වෙත ගොස් තුවාලවලට ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය.

ස්නායු ආබාධ-

ඇතැම් පුද්ගලයන්ට හදිසි අනතුරු නිසා දැඩිසේ හානි වී ස්නායු ආබාධවලට ලක්වන අවස්ථා ඇත. එවිට යමක් සමට සංවේදනය නොවන්නේ ස්නායු ආබාධයක් ඇති නිසාය. මෙවැනි අයගේ පාදයේ ඇතිවන තුවාල සුව වීමට කාලයක් ගත වේ. මන්ද පාදයේ තුවාල ඇති වුවත් එය රෝගියාට නොදැනෙන නිසා එය උත්සන්න වනතෙක්ම ඔහුට සංවේදනය නොවන බැවිනි.


රුධිර ධමනියට බාධා-

පාදයේ රුධිර ධමනිවල ලේ ගමනාගමනයට බාධා වන අවස්ථාවක රුධිරය පහළට ගමන් නොකරයි. එවිට සම තුනී වී ඇඟිලි දුර්වර්ණ වෙමින් සංවේදනය නොවන නිසාත් එම ඇඟිලිවල ජීවී තත්ත්වය නැතිව යයි. මෙම ඇඟිලිවලට තුවාලයක් සිදු වුවහොත් හදිසි රුධිරගමනයක් නොමැතිකමින් තුවාල සුව නොවේ.මෙවැනි අවස්ථාවක පාදයේ නාඩි වැටීම ඔබට පරීක්ෂා කර බලා මේ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්න.

ප්‍රතිශක්තිය අඩු අය-

එච්. අයි. වී. ආසාදනයට ගොදුරුව ඇති අයගේ ශරීරයේ ප්‍රතිශක්තිය අඩුය. මෙවැනි අයට තුවාල සිදුවුවහොත් එය සුව වීමට දිගු කාලයක් ගතවේ. මෙලෙස ඇතිවන තුවාල ඉක්මනින් සුව නොවන නිසාත් විසබීජ ඇතිවීමට ඇත්තේ වැඩි ඉඩකඩකි. තුවාලය ආසාදනය වී මෙවැනි රෝගීන් මිය යන අවස්ථාද ඇත. මේ නිසා මෙම රෝගීන් මේ පිළිබඳ වඩාත් සැලකිලිමත් වෙමින් ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුමය.

කුඩා දරුවන්ට-

වැඩෙන වියේ පසුවන දරුවන්ට නිතර නිතර තුවාල ඇති වුවත් ඒවා ඉක්මනින්ම සුව වෙයි. නමුත් සමේ රෝගයක් නිසා විවිධ දද ඇතිව තුවාල වන අවස්ථාද ඇත. එවිට සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුයි.

විමසිලිමත් වන්න

බොහෝ විට පාදයේ ඇතිවන තුවාල සුව වන නිසා ඒ පිළිබඳ එතරම් තැකීමක් නොකරයි. නමුත් දියවැඩියා රෝගීන් හා ස්නායු ආබාධ ඇති අය මේ ගැන අවධානයෙන් සිටිය යුතුය. මොවුන්ගේ සම සාමාන්‍ය නොවන නිසාත් එම තුවාල ඉක්මනින් සුව නොවන නිසාත් වහාම ප්‍රතිකාර වෙත යොමු වන්න. විශේෂයෙන්ම තුවාල සුව වීමට කල් ගත වේ නම් (මාස 1 1/2 ක් 2ක් අතර කාලයක්) ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්න.

ප්‍රතිකාර-

යම් තුවාලයක් වූ විට බොහෝ දෙනා පුරුදුව සිටින්නේ එය වියළීමට යැයි කියා හිතුමනාපයට ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීමය. නමුත් මින් සිදුවන්නේ විසබීජ විනාශ කිරීම පමණයි. එමඟින් තුවාලයට සුවයක් ලැබිය නොහැකිය. ඇතැම් අය ඖෂධ වෙළෙඳසල්වලින් මෙවැනි ප්‍රතිජීවක ඖෂධ (කරල්) ලබා ගත්තද එය නම් සුදුසු නොවන්නකි.තුවාලයක් වූ විට ඔබ කළ යුත්තේ තුවාලය හොඳින් සේලයින් ජලයෙන් හෝ ඇල් ජලයෙන් විනාඩි 20ක් පමණ සෝදා හරින්න. එමඟින් එහි ඇති විසබීජ ඉවත් වේ. ඉන්පසුවත් සුව නොවුවොත් තුවාල සම්බන්ධ විශේෂ සායනයකට යොමු වී ප්‍රතිකාර ලබා ගන්න.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top