මවුකිරිවලට සම කළ හැකි කිසිවක් ඇත්ද?
Friday, 05 April 2019 - 15:32 | Views - 2,012
මෙලොව එළිය දකිනා සෑම බිලිදෙකුගේම පළමු ආහාරය වන්නේ මවුකිරිය. මවුකිරට සම කළ හැකි වෙනත් කිසිවක් නැත. මවුකිරෙහි ගුණ, මවුකිරි පානය කිරීමෙන් දරුවාට අත්වන වාසි සහ මවුකිරි ලබාදීමෙන් මවට අත්වන වාසි මොනවාදැයි අප විමසා බලමු.

දරුවකුට ස්වභාවධර්මයෙන් ලැබිය හැකි හොඳම ආහාරය වන්නේ මවුකිරිය. මවුකිරිවලට ආදේශක සෙවීම අසීරුයි. එය එතරම්ම පෝෂණ ගුණයෙන් ඉහළය.

මවුකිරි දීම නිසා මවට මෙන්ම, මවුකිරි  පානය කිරීම නිසා දරුවාටද විශේෂ වාසි ගණනාවක්ම ලැබෙනවා.

මවුකිරි නිසා දරුවාට අත්වන වාසි

මවුකිරි බොනවිට මව සහ දරුවා ස්පර්ශ වීම සිදුවෙනවා. (ඉඬඪද බධ ඉඬඪද ඛ්ධදබචජබ) මවක් දරුවකුට කිරි දෙන සෑම අවස්ථාවකම මව සහ දරුවා අතර එක් වීමක් සිදුවන නිසා එය දරුවාගේ උණුසුම රැක ගැනීමට මෙන්ම දරුවා සහ මව අතර ඇති බැඳීම වර්ධනය වීමටත් හේතුවක් වෙනවා.

ඒ වගේම මව සහ දරුවාගේ නෙත් එකිනෙක හමුවීමත් (ඥරඥ ජධදබචජබ) මවුකිරි  දීමේ ක්‍රියාවලියේදී සිදුවෙනවා. එය දරුවාගේ මානසික වර්ධනය කෙරෙහි බලපානවා.

මවුකිරි පානය කරන දරුවන්ගේ බුද්ධි මට්ටමද වැඩි බව පර්යේෂණවලින් පවා සොයාගෙන තිබෙන්නක්.

දරුවකු බිහි වී මුල් දින දෙක, තුන තුළ පානය කරන මවුකිරි කොලස්ට්‍රම් (ජධතධඵබපභථ) ලෙස හඳුන්වනවා. එය දරුවාගේ ආහාර පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වීමට වැදගත් වෙනවා.

දරුවාට මවුකිරි පහසුවෙන් දිරවා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මවුකිරි නිසා දරුවාගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වීම සිදුවෙනවා. මවුකිරි බොන දරුවකුගේ ආහාර මාර්ග පද්ධතියේ ඇතිවන ආසාදන උදා:- වමනය, පාචනය වැනි දේවල් මෙන්ම ශ්වසන මාර්ගය ආශ්‍රිත ආසාදනත් අඩු මට්ටමකයි පවතින්නේ.

බටහිර රටවල නිතර දැකිය හැකි තත්ත්වයක් වන දරුවා හදිසියේ මියයෑමේ තත්ත්වය (ඵභඤඤඥද ඪදටචදබ ඤඥචබඩ ඵරදඤපධථඥ) මවුකිරි බොන දරුවන්ට තිබෙන්නේ ඉතා අඩු මට්ටමකයි.

මවුකිරි නිසා නිසි ආකාරයෙන් දරුවාගේ බර වැඩිවීමද සිදු වෙනවා. බොහෝවිට පිටිකිරි ලබා දෙන දරුවන් තුළ ප්‍රමාණය ඉක්මවා මහත්වීමේ ප්‍රවණතාවක් දැකිය හැකියි. නමුත් මවුකිරි දරුවාට අවශ්‍ය ප්‍රමාණයට පමණක් සැපයෙන බැවින් දරුවා අධික ලෙස මහත්වීමක් සිදුවන්නේ නැහැ. ඊට අමතරව මවුකිරි බොන දරුවන්ට අසාත්මිකතා, ඇදුම වැනි තත්ත්ව ඇති වීමේ ප්‍රවණතාවද අඩුයි.

මවුකිරි දීම නිසා මවට ලැබෙන වාසි

දරු ප්‍රසූතිය වූ පසුව දරුවාට මවුකිරි දීම මඟින් මවගේ ශරීරයේ ඇති ඔක්සිටොසීන් නමැති හෝර්මෝනය ශ්‍රාවය වන අතර එමඟින් මවගේ ගර්භාශය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වෙනවා. එමඟින් පසු ප්‍රසව රුධිර වහනය ඇති වීමේ අවදානම අඩු වෙනවා. ඊට අමතරව ගර්භණී කාලයේ වැඩි වූ බර නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට මවුකිරි දීම පහසුවක් වෙනවා. මවට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමත් අඩු වීමට මවුකිරි ලබාදීම හේතුවක් වෙනවා.

මවුකිරි දෙන මවක් එම කාල සීමාව තුළ නැවත ගැබ් ගැනීමට ඇති අවදානම අඩුයි. එම නිසා සියයට සියයක්ම සාර්ථක නොවුණත් මවුකිරි දීම මඟින්ම මවට යම්කිසි පවුල් සැලසුම් ආරක්ෂණයක් ලැබෙනවා.

රැකියාවට පිටත්ව යා යුතුවීම නිසා බොහෝ මවුවරුන් දරුවන්ව පිටිකිරිවලට හුරු කිරීම දක්නට ලැබෙනවා. ගවයා තම කිරි නිෂ්පාදනය කරන්නේ ගව පැටවාට අවශ්‍ය ආකාරයටයි. එම නිසා මවුකිරිවලින් දරුවාට ලැබිය යුතු පෝෂණය සහ ප්‍රතිශක්තිය පිටිකිරි මඟින් දරුවාට ලැබෙන්නෙ නැහැ. මවුකිරි දිය යුතු කාලයේ පිටිකිරි පානයට දරුවා හුරුකිරීමෙන් මවුකිරිවලින් දරුවාට ලැබෙන වාසි ලැබෙන්නේ නැහැ. එම නිසා දරුවා නිතර නිතර ආහාර මාර්ගය ආශ්‍රිත ආසාදන, පෙණහලු ආශ්‍රිත ආසාදන ආදියට ලක්වීමේ ප්‍රවණතාව වැඩියි.

රැකියාවන්හි නියුතු වන මවුවරුන්ට වුවත් දින 89ක ප්‍රසූත නිවාඩු කාලයක් ලැබෙනවා. එම කාලයේදී මවුකිරි පමණක් දරුවාට ලබා දිය හැකියි. රැකියාවට යෑම ඇරැඹූ විට මවුකිරි ‍ෙදාවා තබා යන්නට පුළුවන්. එලෙස පළමු මාස හයක කාලය දරුවනට මවුකිරි පමණක්ම ලබාදීමට උත්සාහ කළ යුතුයි.

දරුවනට මවුකිරි ලබාදීමෙන් මවගේ ශරීරය වැහැරෙන බවට මතයක් තිබෙනවා. එය දුර්මතයක් විනා එසේ වැහැරීමක් සිදුවන්නේ නැහැ. එම නිසා ඔබේ දරුවාට මවුකිරි ලබාදීමට මැළිවන්නට එපා.



ඉරේෂා කල්හාරි සේනාධීර
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top