කෙස් කලඹ නිරෝගී කරවන බිත්තර
Friday, 05 April 2019 - 14:47 | Views - 2,802
බොහෝ යුවතියන් කෙස් කලඹ ආශ්‍රිතව ඇති වන ගැටලු උදෙසා ප්‍රතිකාර කිරීමට විශාල ලෙස මුදල් වැය කරනවා. නමුත් එම සත්කාරයන්ගෙන්, ප්‍රතිකාරයන්ගෙන් අපේක්ෂා කරනු ලබන ප්‍රතිඵල නොලැබී යන අවස්ථාවන්ද තිබෙනවා. නමුත් විටමින් A, E, B, බයෝටීන්, ප්‍රෝටීන්, ෆෝලික් ඇසිඩ් වැනි පෝෂණ සංඝටක අඩංගු බිත්තර කෙස් කලඹ ආශ්‍රිතව ඇතිවන ඕනෑම ගැටලුවකට ඉතාමත් සාර්ථක සත්කාරයක් ලෙස හඳුන්වාදීම නිවැරදියි.

හානි වූ කෙස් කලඹ නැවත පෝෂණය කොට නිරෝගීමත් දිදුලන කෙස් කලඹක් ලබාගැනීමට සිහින දකින ඔබට බිත්තරවලින් කරගත හැකි සත්කාර කිහිපයක්ම මෙම ලිපියේ අන්තර්ගතයි.

ඔබගේ කෙස් කලඹ ඉතා ඉක්මනින් අවුල්වන ස්වභාවයෙන් යුක්ත නම් බිත්තර කහ මද 3ක් බඳුනකට දමා මිශ්‍රකර කෙස් කලඹේ ආලේප කරන්න.

බිත්තරයක් සහ යෝගට් එකක් එකට මිශ්‍ර කරගෙන කෙස් කලඹේ ආලේපකොට විනාඩි 30ක් පමණ හිස ආවරණය කර තබා සෝදා හරින්න.

වියළි කෙස් කලඹේ තෙතමනය රැකදීම සඳහා බිත්තර කහමද 2ක්, මී පැණි හැන්දක් හොඳින් මිශ්‍රකර හිසකෙස්වල සහ කෙස් කලඹේ ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.

හිස්හොරි තිබේ නම් බිත්තරයකට කොහොඹ තෙල් මිශ්‍රකර හිසකෙස්වල සහ හිස් කබලේ ආලේප කරන්න. හිසේ කසනසුලු ස්වභාවය අවම කිරීමටද මෙම සත්කාරය භාවිත කළ හැකිය.

ඉක්මනින් හිස කෙස් වර්ධනය කිරීම සඳහා බිත්තර කහමදයකට ආමන්ඩ් තෙල් මේස හැන්දක් එක් කර ආලේප කරන්න.

බිත්තරයක්, පොල් තෙල්, ඔලිව් තෙල්, මී පැණි හැන්දක් මිශ්‍ර කර කෙස් කලඹේ ආලේප කර විනාඩි 20ක් පමණ ආවරණය කර තබා සෝදන්න.

කෙස් අග පැළෙන්නේ නම් බිත්තර කහමදයක් හොඳින් ගසාගෙන මුළු කෙස් කලඹේම ආලේප කොට විනාඩි 35ක් පමණ ආවරණය කොට සෝදා හරින්න.

සිනිදු කෙස් කලඹක් ලබාගැනීමට අවශ්‍ය වන්නේ නම් ඔලිව් තෙල් සහ බිත්තරයක් මිශ්‍රකර ආලේප කරන්න. බිත්තරයක් ලෙමන් යුෂ ස්වල්පයක් සමඟ මිශ්‍ර කර ආලේප කරන්න.

කෙස් කලඹේ පෝෂණය උදෙසා පොදුවේ භාවිත කළ හැකි සත්කාර කිහිපයක් පිළිබඳව අපි දැන් බලමු.

මී පැණි, බිත්තර, ඇපල්, විනාකිරි මිශ්‍ර කොට හෙයා මාක්ස් එකක් ලෙස කෙස් කලඹට ආලේප කොට විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.

කිරි කොප්ප භාගයක්, ඔලිව් තෙල් මේස හැඳි 2ක්, බිත්තරයක් සහ ලෙමන් යුෂ ස්වල්පයක් මිශ්‍රකර කෙස් කලඹේ ගල්වා විනාඩි 30ක් තබා සෝදා හරින්න.

බිත්තරයක්, යෝගට් එකක් සහ මී පැණි මිශ්‍ර කර ආලේප කරන්න.

බිත්තරයකට ඕනෑම එසෙන්ටියල් තෙල් වර්ගයක් මිශ්‍ර කොට ආලේප කරන්න.

කැස්ටර් තෙල්, පොල් තෙල් සහ බිත්තරයක් මිශ්‍රකොට  ආලේප කරන්න.

නෙල්ලි ගෙඩි දෙකක යුෂවලට බිත්තරයක් මිශ්‍ර කර ආලේප කරන්න.

පොල් කිරි ස්වල්පයකට බිත්තරයක් දමා හොඳින් මිශ්‍ර කොට කෙස් කලඹේ සහ හිස් කබලේ ගල්වා විනාඩි 20ක් තබා සෝදා හරින්න.

සෙව්වන්දි හෙට්ටිආරච්චි
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top