ඊයේ දිනයේ පැවති
MWC-2017 (Mobile World Congress) හිදී වැඩිම අවධානයක් දිනා ගන්නට
සමත් වුනේ නොකියා සමාගම ඉදිරිපත් කල ඉතාමත් සරල Nokia 3310 ජංගම දුරකථනයයි.
මෙහි ඇති සුවිශේෂි ලක්ෂණයක් වන්නේ බැටරි ආයු කාලයයි. නොකියා සමාගම පවසන
පරිදි එක් වරක් ආරෝපණය කිරිමෙන්
පැය 22ක් දක්වා භාවිතා කරන්න පුලුවන්.
මෙම දුරකථනයේ
2G අන්තර්ජාල පහසුකම් පමණක් අන්තර්ගත කර ඇත්තේ බැටරි ආයු කාලය වැඩි කිරිමටයි.
මෙය
Nokia Series 30+ මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත වන අතර,
LED Flasher සහිත මෙගා
පික්සල්
2 ක පිටුපස කැමරාවකින් ද, අඟල්
2.4ක වර්ණ තිරයකින් ද සමන්විතයි.
මෙයට
32GB දක්වා
MicroSD Card ද ඇතුලත් කරන්න පුලුවන්.

අතට හුරු බුහුටි මෙහි මිල යූරෝ 49 යි, ඒ කියන්නේ ලංකාවේ අපිට නම්
රු.8000 ක්
වගේ.