ඔබේ අත්ලේ හැඩයෙන්, ඔබ ගැනම දැනගන්න ක්‍රම මෙන්න
Monday, 27 February 2017 - 11:59 | Views - 13,184
ඔබත් සාස්තර අහල ඇති. සමහරක් වෙලාවට ඒ කියන දේවල් ඇත්ත වගේම බොරු වෙන වෙලාවලුත් නැතුව නෙමෙයි. කැමතිද තමන් ගැන සාස්තරයක් තමන්ම බලාගන්න ?

අල්ල උසට පිහිටියේ නම්
අනුන්ගේ දුක හොඳට වැටහේ. ඔවුන් නිතර අන් අයට උදව් උපකාර කරන්න පැකිලෙන්නේ නැහැ.

අල්ල ගොරෝසුවට පිහිටා නහරද දිස්වන්නේ නම්
එය ස්ත්‍රීන්ට අවාසනාවන්ත පිහිටීමකි. විවාහයට අහිතකර වේ.

අල්ලේ හැඩය හතරැස් නම්

බොහොම සෘජු අයයි.කිසිසේත් පරාද වෙන්න කැමති නැහැ. කිසිම දෙයකට පැකිලෙන්නේ නැතුව ඉදිරිපත් වෙනවා.ආත්ම ගරුත්වය ගැන බෙහෙවින් හිතනවා වගේම ප්‍රතිඵත්ති මත කටයුතු කරයි.

අල්ල කුඩාවට පිහිටීම
මෙවැනි පුද්ගලයන් තරමක් තේරුම් ගැනීමට අපහසුයි.කම්මැලි අය කිව්වොත් නිවැරදියි.වැඩක් පටන්ගන්නා විට ඇති ඕනෑකම පසුවට නැහැ.ඒ නිසා ආර්ථික තත්වයද තරමක් අයහපත්.

මැණික් කටුව ප්‍රදේශය ඇගිලි අගට යනවිට පළල ස්වභාවයක් ගනී නම්
උනන්දුවෙන් කැපවෙලා කටයුතු කරන අය කිව්වොත් නිවැරදියි. උපදින විට සිටින තත්ත්වයට වඩා තරමක් හරි යහපත් උසස් තත්වයකට ජීවිතය ගොඩනගාගැනීමට වාසනාව ඇති අයයි. ඕනෑම දෙයක් සිත බලා ඉටු කරයි.

කෝණාකාර හැඩැති තරමක් විශාල අල්ල හිමි අය
උසස් ගෞරවනීය රැකියාවක් කිරීමට භාග්‍ය හිමි වේ. අධ්‍යාපන කටයුතුවලට දක්ෂය. පොත පත කියවීමට ලේඛණ කටයුතුවලටද ලැදිය. එමෙන්ම තරමක් ආඩම්බර ගති ද පිහිටා ඇත.

ස්ත්‍රියකගේ අල්ල ඇත් සොඬක හැඩය ගෙන ඇත්නම්
ඇය ප්‍රීතිමත්ය. නවීන පන්නයට හැඩ ගැසෙයි. රසකාමී හැගීම් බහුලය. නිතරම සතුටින් සිටීමට කැමතියි.

යම් ස්ත්‍රීයකගේ අල්ල මනා ලෙස මසින් පිරී සිනිදුව ඇත්නම්
ඇය තුල උතුම් මනුෂ්‍ය ගුණ ධර්ම මැනවින් පිහිටා තිඛෙයි. එවැනි ස්ත්‍රිය තම සැමියාට පණ මෙන් ආදරය කරයි. සෑම අතින්ම දියුණු වීමට භාග්‍ය මැය සතුයි. විවාහ කරගන්නවානම් මෙවැනි ස්ත්‍රීයක් විවාහ කරගන්න අයට වාසනාව හිමි වෙයි.

යම් පුරුෂයෙකුගේ අල්ල මනා ලෙස මසින් පිරි අල්ල මැද වල සහිත නම්
ඔහු ආර්ථික අතින් ශක්තිමත් වේ. මොහුන් බොහෝ උත්සහවන්ත අයවලුන් වේ. පියවරෙන් පියවර ඉදිරියට යයි.

අල්ල ගොරෝසුවට පිහිටා වැඩිපුර මසින් පිරුණු කුඩා ඇල්ලක් හිමි නම්
මෙවැනි පුරුෂයන්ට ඇත්තේ දැඩි සිතකි. පාපකාරී වැඩවල නිරත වේ. බුද්ධිමත් තීරණ ගැනීමට අපොහොසත්ය.
නිතර අන් අයට හිරිහැර ගෙන දෙයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top