ඔබත් ඇදුම රෝගයෙන් පීඩා විදින කෙනෙක්ද? ඔබ දැනගත යුතුම සරල ප්‍රතිකර්ම කිහිපයක් මෙන්න
Monday, 19 June 2017 - 10:14 | Views - 11,999
ඇදුම රෝගය වැළඳීම නිසා පීඩා විදින අය බොහෝලෙස සමාජය තුල දක්නට ලැබේ. කෙතරම් ඖෂධ භාවිතා කරද තාවකාලික සුවයක් ලබා ටිකෙන් ටික එම රෝගය දරුණු වෙන අවස්ථාව ඇත.

ඇදුම රෝගය ඇතිවීමට දූවිලි, දුම, ස්වසන නාලයේ ඇතිවන අසාත්මිකතාවයන්, සාංකාව, භිය, කාළගුණ වෙනස්කම්, ආතතිය, රැකියා ස්ථනායේ පවතින රසායන හා කුඩු වර්ග, ක්ෂණික ආහාර බහුලව භාවිතය, අධික ලුනු භාවිතය, ජානමය සාධක වැනි විවිධ හේතු බලපායි.

මෙම රෝගය ලක්ෂණ වන්නේ,
  • හුස්ම ගැනීමට ඇති අපහසුතාව
  • පපු පෙදෙසට පීඩනයක් දැනීම
  • කැස්ස ගතිය

මෙම ලිපියෙන් කියවෙන්නේ ඇදුම රෝගය සුවකර ගැනීමට භාවිතා කල හැකි සරල ප්‍රතිකර්ම කිහිපයකි.

01. මී පැණි භාවිතයෙන්

මෙය හුස්ම ගැනීම පහසු කරවන අත්දුටු සරල ප්‍රතිකර්මයකි.

මී පැණි තසිමකට දමා එය නාසය ලඟට ලං කොට හොඳින් ආශ්වාශ කරන්න. හුස්ම ගැනීමේ අපහසුතාව අඩුවී යනු දැනේවි.


02. නෙල්ලි සහ මී පැණි භාවිතයෙන්

මෙය ඉතා සරල හා වටිනා බෙහෙතකි. ඉක්මන් ප්‍රථිඵල නොලැබෙන නමුත් කල්යත්ම සුව වේ.
නෙල්ලි කුඩු ගන්නේ නම් නෙල්ලි කුඩු තේ හැඳි 2කට මී පැණි තේ හැන්දක් දමා හොඳින් කලවම් කර ආහාරයට ගන්න. නැතිනම් ගුලියක් සේ සකස්කර ගිලින්න.

නෙල්ලි කුඩු සපයා ගත නොහැකි නම් ඇටය ඉවත් කර ගත් නෙල්ලි ගෙඩි දෙකකට මී පැණි තේ හැන්දක් දමා ආහාරයට ගන්න.


03. උළුහාල් ඉඟුරු සහ මී පැණි භාවිතයෙන්

අවශ්‍ය ද්‍රව්‍ය:-
උළුහාල්
ඉඟුරු
මී පැණි

සාදන ක්‍රමය:-
උළුහාල් තේ හැඳි 2ක් වතුර ලීටර 1කට දමා විනාඩි 30ක් මද ගින්නේ කකාරව ගන්න. ඉන් පසු කකාරව ගත් මිශ්‍රණය පෙරා ගන්න.

ඉඟුරු කොටාගෙන තේ හැඳි දෙකක් පමණ කොටාගත් ඉඟුරු ගන්න. ඉන් පසු එම ඉඟුරු කකාරා පෙරා ගත් මිශ්‍රණයට එකතු කරන්න.

ඉහත මිශ්‍රණයට මී පැණි තේ හැන්දක්ද දමා හොඳින් කලවම් කරන්න.

මෙම මිශ්‍රණයෙන් වීදුරුව බැගින් දිනපතා උදෑසන පානය කරන්න.

සැ.යු:- ඉඟුරු යම් යම් බෙහෙත් හා ආහාර සමඟ ප්‍රතික්‍රියා කර අහිතකර බලපෑම් ඇති විය හැකි බැවින් එවන් ආහාර හා බෙහෙත් ගැන අවධනය යොමු කරන්න.

මෙම රෝගය වැළඳී සිටින අය පහත දැක්වෙන කරුණු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය.
  • දූවිලි, දුම් ඇති ස්තානවලදී රෙදි වැස්මකික් මුව සහ නාසය වසාගන්න.
  • පිරිසිදු වාතය ආශ්වාස කරන්න.
  • ලොම් ඇති සුරතලුන් සමඟ නොසිටින්න.(පූසන් බල්ලන් අත නොගාන්න.)

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top