දේශගුණික විපර්යාස නිසා හැදෙන ලෙඩ රෝග
Monday, 11 March 2019 - 14:44 | Views - 1,935
මේ දිනවල පවතින දේශගුණික වෙනස්වීම් මත පරිසර  උෂ්ණත්වයද ඉහළ යන්නේ අපේ සිරුරට ද අපහසුකාරී බවක් ගෙන දෙමින්. මේ හේතුවෙන් අපේ සම මෙන්ම සිරුර අභ්‍යන්තර පද්ධතීන්ද විවිධ අතුරු ආබාධවලට ලක්වීම වැළැක්විය නොහැකිය.

විශේෂයෙන්ම මේ කාලයේදී අපි වැඩි  අවධානයක් දිය යුතු වන්නේ කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම ගැබිනි කාන්තාවන්ටය. මේ පිරිස් පමණක් නොව අප සියලු දෙනාම මෙලෙස වෙනස්වන දේශගුණික තත්ත්වයන් පිළිබඳව වැඩි අවධානයකින් පසුවිය යුතුයි.

මේ අවධියේදී මැසි මදුරු හා කෘමි උවදුරු පැතිර යෑමේ අවදානමක් පවතිනවා මෙන්ම එම රෝග දරුණු ලෙස පැතිර යෑමටද හැකිය. එමෙන්ම ප්‍රතිශක්තිය දුර්වල වීම හේතුවෙන් උණ කැස්ස හා හෙම්බිරිස්සාව වැනි රෝග තත්ත්වද මේ අවධියේදී නිතරම ඇතිවෙයි. සමේ ආසාදන තත්ත්ව, හිසරදය, අධික වෙහෙස, ක්ලාන්ත ගති ඇතිවීම වැනි තත්ත්වයන් මෙන්ම  පැපොල, සරම්ප වැනි බෝවන රෝග අවදානමද ක්‍රමයෙන් වැඩි වන අවධියක් ලෙසද මෙය හඳුනාගත හැකිය.

නමුත් සෞඛ්‍යාරක්ෂිත පෝෂණීය ආහාරවලට මුල් තැනක් දෙමින් ඔබේ සෞඛ්‍ය පිළිබඳ වැඩි  අවධානයකින් පසුවන්නේ නම් ප්‍රතිශක්තිය වර්ධනය කර ගනිමින් බොහොමයක් රෝගවලින් අත්මිදීමට ද ඔබට හැකි වේවි. මෙලෙස ඔබේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වඩාත් හොඳින් පවත්වා ගැනීමට මෙම කාරණා ගැන දැනුවත් වීම වැදගත්.

නිවෙස මෙන්ම  වටපිටාවද  හොඳින්  පිරිසුදුව තබා ගැනීම හා සනීපාරක්ෂාවට මුල් තැනක් දෙමින් කටයුතු කරන්න. කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි ආදිය දිනපතා තද අව්වේ වියළා ගැනීමෙන් ඉන් පැතිරෙන රෝග කාරක බොහෝ සෙයින් අවම කර ගත හැකිය.

නිතර අපිරිසුදු වන හා විසබීජ රැඳෙන වැසිකිළි හා නාන කාමර ආදියද දිනපතා සේදුම්කාරක යොදා ගනිමින් පිරිසුදුව තබා ගැනීමට වග බලා ගන්න. කුඩා දරුවන් නිතර ගැවසෙන ස්ථාන වඩාත් පිරිසුදුව තබා ගැනීම වැදගත් වන්නේ ඔවුන්ට  ඉතා ඉක්මනින් රෝග වැලඳිය හැකි නිසයි.

දැඩි අව් රශ්මියට නිරාවරණය වන විට සම අධිකව වියළී යෑමට හැකි නිසා සිරුර විජලනය වීමෙන් වළක්වා ගැනීමට වතුර හොඳින් පානය කිරීමටත් සිහි තබා ගන්න. අව් රශ්මියට නිරාවරණය වීමේදී සම ආරක්ෂා කිරීමට සුදුසු sun  protection  ක්‍රීම් එකක් සමඟම moisturizing  ආලේපනයක්ද ගල්වන්න. රාත්‍රි නින්දට පෙරත් සමේ තෙතමනය ආරක්ෂා කරන සුදුසු ක්‍රීම් වර්ගයක් ආලේප කිරීමට සැලකිලිමත් වන්න. මේ සමඟම සිරුර විජලනය වීමෙන් වළක්වා ගැනීමට දෛනිකව වතුර ලීටර් 2ක් වත් පානය  කිරීම වැදගත් වෙනවා.

ආහාර වර්ග වෙනුවට පලතුරු යුෂ හා පලතුරු වැනි සිරුර සිසිල් කරන පාන වර්ගවලට මුල් තැනක් දෙන්න. දෛනික දියර වර්ග අවශ්‍යතාවට වඩා 20%කින් පමණ වැඩි ප්‍රමාණයක් මේ දිනවල ලබා ගැනීමටත් සැලකිලිමත් වන්න.

රෝගීන්ට

නිතර ඔෟෂධ ලබා ගනිමින් රෝගීව කල්  ගත කරන පුද්ගලයන් මේ අවධියේදී පවුලේ වෛද්‍යවරයා හමුවට ගොස් ඔබේ සෞඛ්‍ය ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න. දේශගුණික වෙනස්වීම් මත ඔබේ ඔෟෂධ මාත්‍රාව වෙනස් කර ගැනීමත් වඩාත් වැදගත් වන්නක්. ඇතැම් විට ආහාර පෝෂණ අතිරේකයන් හා  විටමින් වර්ග ලබා ගැනීමටත් වෛද්‍යවරුන් ඔබට අනුමත කරනු ඇත.

සිරුර විජලනය වීම හා පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමටත් මෙය කදිම ආදේශකයක්.

ක්‍රීඩා කරන්නන්ට

සිරුර වඩාත් ශක්තිමත්ව තබා ගැනීමට ක්‍රීඩා හා ව්‍යායාම්වලට  යොමු වීම වඩාත් වැදගත් වන නමුත් යහළුවන්ගෙන්, සමීප කණ්ඩායම් හා පාසලින් විවිධ රෝග බෝ වීමේ අවදානමක් පවතින නිසා ක්‍රීඩා ඇඳුම් හා උපකරණ හොඳින් පිරිසුදු කර පාවිච්චියට ගැනීම වඩාත් සුදුසුයි. මේ සමඟම යට ඇඳුම්, මේස්  ආදිය  පිරිසුදු කර ගැනීමට නිරතුරුවම සැලකිලිමත් වන්න.

මානසික ආතතිය

සිරුරට දැනෙන අපහසුතා හේතුවෙන් මානසිකත්ව නුරුස්සනසුලු ගති ස්වභාවයක් ඔබ කෙරෙන් මතු විය හැකිය.

පරිසර දේශගුණික තත්ත්වයන් වෙනස්වීම මත මෙවැනි ගති ලක්ෂණ අප තුළ ඇති වන  බව විද්‍යාත්මකවත් සොයාගෙන ඇත. එම නිසා මේ කාලයේදී මනස ප්‍රබෝධවත් කළ හැකි ක්‍රීඩා වැඩසටහන්, සෞන්දර්යාත්මක වැඩසටහන් හා සාමූහික ක්‍රියාකාරකම්වලට ඔබටත් යොමු විය හැකිය. කායික මෙන්ම මානසික සුවතාවද ඔබේ නිරෝගීකමට බලපාන නිසා මේ කාරණා ගැන නිරන්තරයෙන්ම සැලකිලිමත් වීම වැදගත් වන බව නම් කිව යුතුමයි.

ශාලිකා රංගනී සමරදිවාකාර
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top