ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ නමවැන්න එයි
Monday, 11 March 2019 - 8:10 | Views - 9,741
අතිශය ජනප්රිය චිත්රපට මාලාවක් වන ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්රපට මාලාවේ නමවැනි නිර්මාණය ලබන වසරේ මැයි 20 වැනිදා ප්රදර්ශනය කිරිමට සැලසුම් කර තිබේ. මේ වසරේදිද ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්රපටයේම කොටස ඇතුලත් ‘හෝබ්ස් ඇන්ඩ් ස්නොව්’ චිත්රපටය ප්රදර්ශනය විමට නියමිතය.
මෙහි ප්රධාන චරිත ඩිවෝන් ජොන්සන් හා ජේසන් ස්ටෙත්ම් නිරූපණය කරන අතර, වෙනත් ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ නළුවෙක් මෙහි රංගනයෙන් එක්ව නොමැති බව සඳහන් වේ. ඩිවෝන්ගේ ඥාති සහෝදරයෙකු මෙන්ම හිටපු රෙස්ලින් ශූරයෙකු වන රෝමන් රේන්ස් මෙම චිත්රපටයේ ඔවුන් සමග රංගනයේ යෙදෙන බව වාර්තා වේ.
Share This Article