ලුණු භාවිතා කරලා ලස්සන වෙන හැටි දන්නවද? නැත්නම් මෙන්න කියවන්න
Tuesday, 13 June 2017 - 15:59 | Views - 43,170
අපි කවුරුත් කැමතිනේ ලස්සන වෙන්න. ඒ සඳහා විවිධ දේවල්වලට බොහෝ ලෙස වියදම් කරන අය අද සමාජයේ ඕන තරම්. ලස්සන වෙන්න ඕන තරම් පහසු ක්‍රම තිබෙනවා.

මේ ලිපියෙන් කියවෙන්නේ ලුණු භාවිතා කිරිමෙන් අපිට ගෙදරදීම පහසුවෙන් කල හැකි ප්‍රතිකර්ම කිහිපයක් ගැනයි.

01. දත් සුදු කරගැනීමට

ලුණු සහ බේකින් සෝඩා එක සමාන ප්‍රමාණයක් භාවිතා කර මිශ්‍රණයක් සකසා ගෙන ඒවයින් දත් මදින්න. මෙය මසකට දෙවරක් පමණක් භාවිතා කිරිමට මතක තබාගන්න.

02. සමේ මැරුණු සෛල ඉවත් කිරිමට

සිහින්ව අඹරාගත් ලුණු සමග ඔලිව් තෙල් ස්වල්පයක් මිශ්‍ර කරන්න. සාදාගත් මිශ්‍රණය ඇඟිලි තුඩුවලින් කවාකාර ලෙස මුහුණේ අතුල්ලන්න. පසුව උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

03. සමේ ඇති තෙල් ඉවත් කරගැනීමට

ඔබේ සම තෙල් සහිත සමක්නම් කුඩා ස්ප්‍රේ බෝතලයකට ලුණු කුඩු සහ ජලය එකතුකර හොඳින් සොලවා එම ජලය සමට ඉසගන්න. ඊට පසු පිරිසිදු ලේන්සුවක් භාවිතා කර තෙත මාත්තු කරගන්න.

04. නියපොතු පැහැපත් කරගැනීමට

පැල්ලම් නොමැති වඩාත් ශක්තිමත් නියපොතු ලබාගැනීමට ඕනේනම් මේ ප්‍රතිකර්මය පිළිපදින්න.

කුඩා භාජනයක් ගෙන එයට ලුණු තේ හැන්දක්, ලෙමන් යුෂ තේ හැන්දක්, බේකින් සෝඩා තේ හැන්දක් හා උණු වතුර කෝප්ප භාගයක් එකට කලවම් කරගෙන එහි මිනිත්තු 10ක් පමණ නියපොතු පොඟවා ගන්න. තවද නියපොතු හොඳින් මදින්න.

05. හිස් හොරි ඉවත් කරගැනීමට

හිස් කබල තෙත් කරගෙන ඊට පසු ලුණු ස්වල්පයක් දමා හිස හොඳින් සම්බහනය කරගන්න.

06. දුර්ගන්ධ ශ්වාසය නැති කරගැනීමට

ඇල්වතුර කෝප්පයකට ලුණු කුඩු තේ හැඳි භාගයක් දමා එයින් කට සහ උගුර සෝදන්න. එමගින් දුර්ගන්ධ ශ්වාසය ඇති කරන බැක්ටීරියාවන් විනාශ කර දමයි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top