පියයුරු පිළිකා නසන සෘෂි නාඩි ආහාර වට්ටෝරුවක්
Monday, 04 March 2019 - 9:33 | Views - 3,314

කාන්තාවන්ටම සුවිශේෂී වූ පිළිකාවක් වන පියයුරු පිළිකාව පිළිබඳව සෘෂි නාඩි වෛද්‍යවරුන් විසින් හෙළිකර ඇති තොරතුරු සහ ඒ සඳහා සඳහන්කර ඇති වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව මෙවර අපි විමසා බලමු.
වෛද්‍යතුමනි, සෘෂිනාඩි වෛද්‍යවරුන් පියයුරු පිළිකාව පිළිබඳව සඳහන් කර ඇත්තේ කෙසේද?
කාදම්හි ස්ත්‍රි පූර්ණ වසර භාගා
කුදර් කයිනාදම් පියයුරු පිළිකාය
කුදර්හි සදන්කා ස්ත්‍රී කදර්කා
ස්ත්‍රි කුදර් කයිනාද කදර්හි ස්ත්‍රි
ලෙසින් පවසා ඇත්තේ වැඩිවියට පත්වූ දැරියක එතැන් පටන් වසර 10 ක කාලයක් පියයුරු පිළිකාවක් හටගෙන වර්ධනය විය හැකි බවය.
ඉන්පසු වයස 45-50 අතර කාලයේදී පියයුරු පිළිකා හටගත හැකි බවත්ය.
තරුණ වයසේදී බොහෝවිට ඇතිවන්නේ පියයුරු තුළ කුඩා ගැටිත්තක් ලෙස ඇතිවන පිළිකාය.
නමුත් වයසට යනවිට හටගන්නා පියයුරු පිළිකාවන් පියයුරු පුරා පැතිර යන වර්ගයේ ඒවාය.
එවැනි පියයුරු පිළිකාවක් හට ගන්නා විට පියයුරු ඉදිමුමට ලක්වීම, එක් පැත්තක හෝ පියයුරු පුරා වේදනාවක් හට ගැනීම වැනි රෝග ලක්ෂණ මතු වේ.
පියයුරු පිළිකාවක් හඳුනා ගැනීම සඳහා අතීතයේ වැඩිහිටියන් තම දියණියන්ට දුන් උපදෙස් වූයේ දිනපතා ස්නානයෙන් පසු තමාගේ පියයුරු ස්පර්ශ කර එහි කිසියම් වෙනසක් පවතින්නේ දැයි කියා සොයා බලන ලෙසටය.
එහි යම් වෙනස්කමක් පැවතියහොත් වහාම වෛද්‍ය පරීක්ෂාවකට ලක්ව එය පියයුරු පිළිකා ගැටිත්තක්ද එසේත් නැතිනම් අහිංසක ගැටිත්තක් දැයි කියා හඳුනා ගැනීමෙන් මුල් අවස්ථාවේදීම රෝගය හඳුනා ගෙන ප්‍රතිකාර කිරීම තුළින් රෝගය බරපතළ තත්ත්වයට පත් වීමට ඉඩ ලබා නොදේ.
නාඩි වෛද්‍යවරුන් පවසා ඇති පරිදි යම් කාන්තාවකගේ පියයුරු අනවශ්‍ය ලෙස විශාලව පවතී නම් හෝ අසාමාන්‍ය ලෙස කුඩාවට පවතී නම් එය අවධානයට යොමු කළ යුතුය.
මෙවැනි පියයුරක පිළිකාවක් පමණක් නොව තෙල් ගැටිති, කිරි ගැටිති පවා හටගත හැකිබව පවසා තිබේ.
අවිවාහක කාන්තාවන් සහ දරුවන් නොමැති කාන්තාවන් වයස අවුරුදු 40 ඉක්මවූ විට පිළිකා සම්බන්ධව පියයුරු පරීක්ෂාවක් සිදු කර ගැනීම වඩාත් සුදුසුය. මෙවැනි කාන්තාවන් අතර පියයුරු පිළිකා මතුවීමේ අවදානමක් ඇති බව දැනට සිදු කර ඇති පරීක්ෂණවලට අනුව හෙළිවී තිබේ.Ê
වෛද්‍යතුමනි, පියයුරු පිළිකාවක් මතුවීම වළක්වා ගැනීමට හෝ එවැනි පිළිකාවක් මතුවූ විට කළ හැකි ප්‍රතිකාර මොනවාද?
පියයුරු පිළිකාවක් ඇතිවූ විට ප්‍රතිකාර සිදු කිරීමට වඩා එය ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කිරීම වඩා යහපත්ය.
එබැවින් අධික ලෙස ඌරු මස්, හරක් මස් සහ කුකුළු මස් ආහාරයට ගැනීම වැළකිය යුතුය.
එසේම සතියකට වරක්වත් ආහාරයට ගත හැකි පැරණි සලාදයක් පිළිබඳව සෘෂි නාඩි වෛද්‍යවරු සඳහන් කර තිබේ. එම සලාදය සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය මෙසේය.
පොළොස් ගැට 03 ක් ගෙන හොඳින් තම්බා ලී වංගෙඩියක දමා කොටා පිටි කරගන්න. ඉදුණු ලාවුළු ගෙඩි 03 ක් ඉදුණු වෙරළු ගෙඩි 07 ක්, දූරියන් මදුළු 07 ක් කටු අනෝදා ගෙඩි 02 ක් ඉදුණු අළු කෙසෙල් ගෙඩි 07 ක්, ඉදුණු ගස් ලබු ගෙඩි 2 ක්, ඉදුණු කහ පැහැති කාමරංකා ගෙඩි 03 ක් කළු උක් යුෂ කෝප්ප 02 ක්, මඤ්ෙÆක්කා අල 03 ක්, ඉදුණු අලිගැට පේර ගෙඩි 03 ක්, ඉදුණු මුරිසි අන්නාසි (කුඩා) ගෙඩියක් අරගන්න.
මඤ්ෙÆක්කා අල 03 කුඩා කැබැලිවලට කපා හොඳින් තම්බා ගන්න.
ලාවුළු. වෙරළු, දූරියන් මදුළු, කටු අනෝදා, අළු කෙසෙල්, ගස්ලබු කාමරංකා, අලිගැටපේර, අන්නාසි කුඩා කැබැලිවලට කපා ගන්න.
දැන් මේ සියල්ල භාජනයකට දමා කළු උක් යුෂ සමග හොඳින් මිශ්‍ර කරගෙන ආහාරයට ගන්න. මෙය දවසේ ආහාර තුන්වේල සමග ආහාරයට ගත හැකිය.
මීට අමතරව මඤ්ෙÆක්කා කොළ යුෂ කෝප්ප 03 ක්, පොල් වතුර කෝප්ප 03 ක්, හීනටි හාලේ කැඳ කෝප්ප 03 ක්, කොස් දලු යුෂ කෝප්ප 03 ක්, ලුණු තේ හැඳි 02 ක් ගොරකා යුෂ තේ හැඳි 03 ක්, බෙහෙත් කෝමාරිකා මද කෝප්පයක් කඩල පිටි කෝප්පයක් සුදු හඳුන් කුඩු පිටි තේ හැඳි 07 ක් අමුක්කරා පිටි තේ හැඳි 07 ක් එකට මිශ්‍ර කර මැටි වළඳක දර ලිපක තබා මදගින්නේ තම්බාගෙන කැඳක් ලෙස සාදාගෙන පානය කිරීමද ගුණදායකය.
මෙය උදැසනට හිස් බඩ ආහාරයට ගැනීම කළ යුතුය. මෙම කැඳ වර්ගය පානය කළ පසු තේ වතුර ආදිය උදෑසනට පානය නොකළ යුතුය.
එසේම මෙම සලාදය හෝ කැඳ වර්ගය ආහාරයට ගන්නා කාලය තුළ කිසිදු මස් මාංශයක් ආහාරයට ගැනීම නොකළ යුතුය.
මෙවැනි ගුණදායී ආහාර වර්ග ගැනීම තුළින් පියයුරු පිළිකා පමණක් නොව සිරුරේ ඇතිවිය හැකි අනෙකුත් පිළිකා වර්ග ද මර්දනය කළ හැකි බව සෘෂි නාඩි වෛද්‍යවරු සඳහන් කර ඇත.
මොරටුව අඟුලාන ලියන්වෙල සෘෂි නාඩි වෛද්‍ය මධ්‍යස්ථානයේ
සෘෂි නාඩි වෛද්‍ය මහාචාර්ය ජිනසිරි ලියන්වෙල
Share This Article