යකඩ ඌනතාව සපුරන ආහාර වර්ග
Friday, 01 March 2019 - 10:22 | Views - 9,348
යකඩ කියන්නේ අපේ ශරීරයට අත්‍යාවශ්‍ය දෙයක්. යකඩ ඌනතාවය නිසා හිමොග්ලොබින් අඩුවීම, හිසකෙස් ගැලවී යෑම, හිසරදය හා අධික වෙහෙස වැනි රෝග ලක්ෂණ මතුවන්නට පුළුවන්. බාහිරෙන් යකඩ පෙති ගන්නවාට වඩා සුදුසුම දේ තමයි ඔබේ ආහාර වේල් මගින් සිරුරට අවශ්‍ය යකඩ ප්‍රමාණය ලබා ගැනීම. පහත දැක්වෙන ආහාර ඔබේ ආහාර වේලට එක් කරගැනීමට හුරු වෙනවා නම් යකඩ ඌනතාවය තව දුරටත් ඔබට ගැටළුවක් වෙන්නේ නැති වේවි.

 පීකුදු

සත්ත්ව ආහාරවල අක්මා කොටසේ යකඩ අධිකව අඩංගුයි. නිර්මාංස නොවන අයට නම් සිරුරේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කරගැනීමට වඩාත් සුදුසු වන්නේ මෙම ආහාරයි. කුකුළු පීකුදුවල අඩංගු යකඩ ප්‍රමාණය මි.ග්‍රෑ. 100කි. කොලෙස්ටරෝල් අඩුවෙන් හා යකඩ වැඩිපුර අඩංගු වන්නේ කුකුළු පීකුදුවලයි.

    මුහුදු ආහාර

විවිධ මාළු වර්ගවල ඔමේගා 3 පමණක් නොව යකඩද අඩංගුයි. සැමන්, මැකරල් වැනි මසුන්ගේ මේවා වැඩිපුර අඩංගු වෙයි.

    කුකුළාගේ පපු කොටස

කුකුලාගේ මාංසය වැඩිපුරම ඇත්තේ පපු කොටසේ. මෙහි යකඩද අඩංගු වෙනවා. කුකුළාගේ පපු කොටසේ 100ඨක ප්‍රමාණයක මිලිග්‍රෑම් 0.7ක යකඩ අන්තර්ගත වෙයි. කුකුළු මස් හා වෙනත් රතු මස් වර්ග හිමොග්ලොබින් උෟනතාවට සුදුසු ආහාර වර්ගයි.

    රතු සහල්

තරබාරුකම හා කොලෙස්ටරෝල් පාලනය කර ආහාර දිරවීම පහසු කිරීමට රතු සහල් කියන්නේ කදිම ආහාරයක්. යකඩ අඩංගු මෙම සහල් සිරුරේ හිමොග්ලොබින් මට්ටම වර්ධනයටද උපකාරී වෙනවා.

    වට්ටක්කා ඇට

වට්ටක්කා ගෙඩියක් පිසීමට ගන්නේ නම් එහි ඇට ඉවත් කරලයි.ඒත් වට්ටක්කා ඇට 100 ක යකඩ මිලිග්‍රෑම් 15ක් පමණ අඩංගු බව ඔබ දන්නවාද? ඔමේගා 3 ත් අඩංගු වන මේවා මඟින් කොලෙස්ටරෝල් මට්ටමද පාලනය කළ හැකියි.

    කළු චොකලට්

චොකලට් ප්‍රියතාවක් දක්වන්නේ නම් කළු චොකලට් තෝරා ගැනීම වඩාත් සුදුසුයි. චොකලට් ග්‍රෑම් 100 ක කළු චොකලට් 80% පමණ අඩංගුයි. එවිට එහි යකඩ මිලිග්‍රෑම් 17ක් පමණ අඩංගු වන නිසා යකඩ උෟනතාවෙන් පෙළෙන ඔබට එය රසවත් ආහාරයකි.

    වියළි පලතුරු

වියළි ඇප්රිකට් හා වියළි මිදි වැනි ආහාර සිරුරේ හිමොග්ලොබින් මට්ටම වැඩි කිරීමට බලපාන ආහාර අතර වෙනවා. අත්‍යවශ්‍ය විටමින් හා කෙඳි සහිත මෙවැනි ආහාරවල යකඩ බහුලව අඩංගුයි.

    ස්ට්‍රෝබෙරි

ස්ට්‍රෝබෙරිවල අඩංගු විටමින් ‘සී’ නිසා යකඩ හොඳින් ශරීරයට අවශෝෂණය කරනවා. මේ නිසා යකඩ ඌනතාව ඇති අයට ස්ට්‍රෝබෙරි කදිම පලතුරක්.

    අල

ස්ට්‍රෝබෙරි මෙන්ම අර්තාපල්වලද විටමින් ‘සී’ හා යකඩ අඩංගු වන නිසා ශරීරයට එහි පෝෂණය ඉක්මනින් උරා ගන්නවා. නිර්මාංස අයට යකඩ උෟනතා සපුරා ගැනීමට මෙය ඉතාමත් සුදුසු ආහාරයක්.

    නිවිති

නිර්මාංස අයට යකඩ ඌනතාව සපුරාගත හැකි තවත් ආහාරයක් ලෙස නිවිති හඳුනාගන්නවා. හිමොග්ලොබින් වර්ධනය කරන අතරම සිරුරේ පිළිකා සෛල වර්ධනය වීමට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාවද නිවිති සතුයි.
Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්. පසුගිය දවසක ඇය රෝහලේ ප්‍රතිකාර ලබනවා...
Hiru Tv Blog
අම්මා... මේ ලෝකයේ දරුවෙකුට වැඩියෙන්ම වටිනාම වස්තුව ඇයිදැයි ඇසුවහොත් ඊට දිය හැකි...
Hiru Tv Blog
අමෙරිකානු සුපිරි පොප් ගායිකාවක වන Ariana Grande, තමන්ගේ ගීත අමෙරිකානු ධවල මන්දිරයේ ප්‍රචාරක...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top